Cricket NewsEXCLUSIVE

“විරාට් කෝලි කඩුල්ලේ ඉන්නකල් ඉන්දියාවට තරඟය දිනන්න පුළුවන්,ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෝ ප්‍රාතිහාර්‍යන් පානවා” ඔස්ට්‍රේලියානු ප්‍රධාන පුහුණු කරු Justin Langer

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟයේ සිව්වැනි දිනය අවසන් වන විට ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 280 ක් රැස් කරගැනීමට අවශ්‍ය වන අතර ඔවුන්ට ඒ සඳහා කඩුලු 7 ක්ද අතැතිව තිබේ.කෙසේ නමුත් තරඟයේ පස්වැනි දිනය වන හෙට දිනය තුල ඕවල් තණතීරුව පිතිකරුවන්ට එතරම් සහනදායී නොවන විචාරකයින් මත පලකරන්නේ.

කෙසේ නමුත් තරඟයේ සිව්වැනි දිනය සඳහා තරඟය නිමා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු ප්‍රධාන පුහුණුකරු වන Justin Langer කියා සිටින්නේ විරාට් කෝලි කඩුල්ලේ රැඳී සිටින තුරු ඔස්ට්‍රේලියාවට සැහැල්ලු විය නොහැකි බවයි.

“විරාත් කඩුල්ලේ ඉන්නකල් ඉන්දියාවට තරඟය ජය ගන්න පුළුවන්.විශිෂ්ට ක්‍රීඩකයන් ප්‍රාතිහාර්යයන් පානවා.විරාත් කෝලිගේ කඩුල්ල තෙක් ඔස්ට්‍රේලියාවට සැහැල්ලු නොවීවි.”

යනුවෙන් තරඟයෙන් අනතුරුව Langer මාධ්‍ය වෙත කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
2
+1
6
+1
4
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button