එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම තෝරා ගන්නෙ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් – ප්‍රධාන පුහුණුකරු ජෝන් ලුවිස්
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම තෝරා ගැනීමේදී කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරන බව කාන්තා ප්‍රධාන පුහුණුකරු ජෝන් ලුවිස් මහතා සඳහන් කර සිටී. මේ තාක්ෂණය තරග සම්බන්ධයෙන් තීරණාත්මක ප්රතිපෝෂණයක් ලබා දුන් බවත්, ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි20 තරගාවලිය ජයග්‍රහණය කිරීමට එය උපකාරී වූ බවත් ජෝන් ලුවිස් මහතාගේ හෙළිදරව්ව මඟින් සඳහන් වේ.
පසුගිය ගිම්හානයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති අළු බඳුන තරගාවලියේදී ඉතා සාර්ථකව කෘතිම බුද්ධිය භාවිතා කළ බව ජෝන් ලුවිස් මහතා පැවසීය. හෙතෙම පැවසුවේ එම කාන්තා අළු බඳුන තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයකදී බොහෝ දුරට සමාන දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් දෙදෙනකුගෙන් එක් අයෙකු තෝරා ගැනීමට සූදානම් වීමේදී අවසාන ඇමතුම ලබා ගැනීමට කෘත්‍රිම බුද්ධි ක්‍රමය සාර්ථකව උපකාරවූ බවයි.
පසුගිය වසරේ මාර්තු මාසයේ ඉන්දියාවේ පැවති කාන්තා ප්‍රිමියර් ලීගයේ සමාරම්භක සංස්කරණයේදී යූපී වොරියස් කණ්ඩායම පුහුණු කරන අතරතුර, ලන්ඩන් පදනම් කරගත් පීඑස්අයි සමාගම විසින් බලගන්වන ලද මේ තාක්ෂණය පිළිබඳව තමා දැනගත් බව ලුවිස් මහතා පැවසීය.
සිත්ගන්නා කරුණ නම්, රග්බි ලීග් කණ්ඩායම්, බ්‍රිතාන්‍ය පාපන්දු කණ්ඩායම් එම ක්රමයම භාවිතා කර ඇති බව වාර්තාවීමය.