Cricket NewsEXCLUSIVEIPL

“වේග පන්දුවට උචිත මෙම තණතීරුවේ ලසිත් මාලිංග රෝයල් වරුන්ගේ වේග පන්දු පුහුණුකරු බව ගුජරාට් පිතිකරුවන් අමතක නොකළ යුතුයි” – ප්‍රවීණ විචාරක Harsha Bhogle

පසුගිය මාර්තු 26 වනදා අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැලකෙන්නේ ලොව ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසටයි.

එවන් සාර්ථක ආරම්භයක් සමග ආරම්භ වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රීයේAhmedabad හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූයේ කලකට පසු පැවති IPL Closing ceremony අති උත්කර්ෂවත් ප්‍රසංගයෙන් අනතුරුවයි.

මෙවර තරගාවලියට අලුතින් ම එක් වූ Gujarat Titans කණ්ඩායම සහ වසර 14කට පසුව අවසන් මහා තරගයකට පිවිසි Rajasthan Royals කණ්ඩායම සමඟ අවසන් මහා තරඟය පැවැත්වෙන අතර කාසියේ වාසියේ දිනු Rajasthan Royals නායක Sanju Samson පළමුවෙන් පන්දුවට පහර දිමට තීරණය කලා.

ඒ අනුව පිටියට පිවිසි Rajasthan Royals පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 130 පමණයි.

පන්දු යැවීමේදි Rajasthan Royals කණ්ඩායම සම්පුර්ණයෙන්ම සිය පාලනය යටතට ගත් නායක Hardik Pandya ප්‍රමුඛ පන්දු බලඇණිය නම් දැරෑ Rajasthan Royals පිතිකරුවන් පිටිය මැද අසරණ කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 131ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් Gujarat Titans පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා මේ අතර විස්තර විචාරයෙ යෙදෙන Harsha Bhogle මහතා අපුරු සිහි කැඳවීමක් සිදු කලා.

එහිදී ඔහු සදහන් කර සිටියේ “වේග පන්දුවට වැඩි වාසි ලබා දෙන මෙම තණතීරුවේ ලසිත් මාලිංග රෝයල් වරුන්ගේ වේග පන්දු පුහුණුකරු බව ගුජරාට් පිතිකරුවන් අමතක නොකළ යුතුයි” ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7