Cricket NewsDomestic CricketEXCLUSIVE

දසුන් ශානක නායකත්වය දරන Greens කණ්ඩායම ලකුණු 81කින් පරාජය කළ අශාන් ප්‍රියන්ජන්ගේ Greys කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට.!

එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පැවැත්වෙන ‍ශ්‍රි ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 තරගාවලිය මේ වන විට පැවැත්වෙනවා.

මේ අතර අද සවස අශාන් ප්‍රියන්ජන් නායකත්වය දරන Greys සහ දසුන් ශානක නායකත්වය දරන Greens කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 81කක ජයග්‍රහණයක් වාර්තා කරමින් අවසන් මහා තරඟයේ බලාපොරොත්තු තව දුරටත් රඳවා ගැනීමට Greys කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Greens කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Grey කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Greys කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 166ක් රැස් කිරීමට සමත් වුණා.

Greys වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ තනුක දාබරේ පන්දු 40කදී ලකුණු 66ක් වාර්තා කිරීමට සමත් වුනා.

කසුන් විදුර ලකුණු 36ක් රැස් කළ අතර මිනෝද් ලකුණු 20ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී දස්ය්බ් ශානක සහ ලක්ෂණ සඳකැන් කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 167ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Greens කණ්ඩායම් පිතිකරුවන්ට පන්දුවාර 15.5ක් අවසානයේ සියලු දෙනා දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 85ක් පමණයි

Greens ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 27ක් රැස් කල අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේදී මුදිත ලක්ෂාන් සහ පුලින තරංග කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ වීරයා සම්මානයහිමි වුයේ සුපිරි පිතිහරඹයක නිරත වූ තනුක දාබරේ හටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7