Cricket NewsEXCLUSIVELegends Series

Legends ලෝක ශුරතාවලියේ සිය අණසක පතුරවන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, වැඩිම ලකුණු ලාභීන් සහ වැඩිම කඩුලූ ලාභීන් අතර පෙරමුණ ගනී.!

Road Safety World Series තරඟාවලියේ දෙවන සංස්කරණය මේ දින වල ඉන්දියාව කේන්ද්‍ර කොටගමින් පැවැත්වෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා තරඟාවලිය සෑම වසරකම සංවිධානය කරනු ලබනවා.

තරඟාවලියේ පළමු වටයේ පළමු අර්ධය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මේ වන විට තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබාගන්නට තිලකරත්න ඩිල්ශාන් නායකත්වය දරණ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.

මේ අතර වැඩිම කඩුලූ ලාභීන් සහ වැඩිම ලකුණු ලාභීන් අතරත් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා Legends ක්‍රීඩකයන් සමත්ව සිටිනවා.

ඩිල්ශාන් මුණවීර තරඟ 3කට සහබාගි වී ලකුණු 145ක් රැස් කරගැනීමට සමත්ව සිටින අතර එහි දෙවන ස්ථනයේ පසු වන
DR Smith තරඟ 2කදී ලකුණු 124ක් රැස් කරගෙන සිටින අතර තෙවන ස්ථානය ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ශාන් හට හිමිව තිබෙන්නේ ලකුණු123ක් රැස් කර ගනිමිනි.

එමෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් ද ඊට නොදෙවෙනි දස්කම් දක්වමින් සිටින අතර මේ වන විටත් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසු වන්නේ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරයි. තරඟ 3කට සහබාගි වූ නුවන් කුලසේකර කඩුලු 8ක් බිඳ හෙලා ඇති අතර එහි දෙවන ස්ථානයේ පසු වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක K Santokie කඩුලු 5ක් සහ J Botha කඩුලු 5ක් බිඳ හෙලා තිබෙනවා.

මෙලෙසින් සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයන් Legends ලෝක ශුරතාවලියේ සිය අණසක පතුරවමින් සිටිනවා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7