Cricket NewsEXCLUSIVEIPL

ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන අයුරින් පන්දු යවන 19 හැවිරිදි යොවුන් ක්‍රිඩක මතීෂ පතිරණව Chennai Super Kings කණ්ඩායමට එක් කර ගනී.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි.

මේ වන විට මෙවර තරඟාවලිය නියෝජනය කරමින්  ශ්‍රී ලංකා ක්‍රිඩකයන් 5 දෙනෙකු ක්‍රිඩා කරනු ලබනවා. ඒ පිළිවෙලින්,

වනිදු හසරංග – රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්

දුෂ්මන්ත චමීර – ලක්නව් සුපර් ජයන්ට්ස්

මහීෂ් තීක්ශන – චෙන්නායි සුපර් කිංග්ස්

චාමික කරුණාරත්න – කොල්කටා නයිට් රයිඩර්ස්

භානුක රාජපක්ෂ – පන්ජාබ් කිංග්ස්

ඒ අතරට තවත් ශ්‍රී ලංකා ක්‍රිඩකයෙක් අද එක් වූවා. ඒ මෙවර යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වු යොවුන් ක්‍රිඩක මතීෂ පතිරණයි.

Adam Milne හට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අහිමි වීම හේතුවෙන් ඔහු වෙනුවට Chennai Super Kings කණ්ඩායම විසිනුයි මතීෂව එක් කරගනු ලැබුවේ.

මතීෂට ඒ වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ශ 20ක් හිමි වී තිබෙනවා.

මතීෂට අමතරව මේ වන විට Chennai Super Kings කණ්ඩායමේ නිත්‍ය ක්‍රිඩකයකු ලෙස මහීෂ් තීක්ශන ක්‍රිඩා කරනු ලැබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7