Cricket NewsEXCLUSIVEIPL

වනිඳු හසරංගගේ RCB හි ඉරණම තීරණය වන Gujarat Titans සමග පැවැත්වෙන අතිශය තීරණාත්මක තරඟය අද රාත්‍රියේ..

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 67වන තරගය ලෙස වනිඳු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore සහ Gujarat Titans කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Gujarat Titans හි නායකත්වය Hardik Pandya විසින් දරන අතර Royal Challengers Bangalore හි නායකත්වය Faf du Plessis විසින් දරනවා.

Royal Challengers Bangalore කණ්ඩායම මේ වන විට තරඟ 13කට සහබාගි වී ඉන් තරඟ 7ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 5වන ස්ථානයේ පසුවනවා. එමෙන්ම Royal Challengers Bangalore කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අද තරඟයටත් ක්‍රීඩා කිරීමට කිරීමට නියමිතයි.

Gujarat Titans කණ්ඩායම මේ වන විට තරඟ 13කට මුහුණ දී ඉන් තරඟ 10ක් ජය ගෙන මේ වන විට ප්‍රසාද ලකුනු සටහනේ පළමු ස්ථානයේ පසු වනවා.

එමෙන්ම මෙම තරඟය කණ්ඩායම් දෙකටම පළමු වටයේ ලැබෙන අවසන් තරඟයයි.

ඒ අනුව Gujarat Titans සහ Royal Challengers Bangalore අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Royal Challengers Bangalore –

Virat Kohli, Faf du Plessis©, Rajat Patidar, Glenn Maxwell, Dinesh Karthik(wk), Mahipal Lomror, Shahbaz Ahmed, Wanindu Hasaranga, Harshal Patel, Josh Hazlewood, Mohammed Siraj

Gujarat Titans –

Wriddhiman Saha(wk), Shubman Gill, Matthew Wade, Hardik Pandya©, David Miller, Rahul Tewatia, Rashid Khan, Ravisrinivasan Sai Kishore, Alzarri Joseph, Yash Dayal, Mohammad Shami

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7