Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

ශ්‍රී ලංකාව සමග තරඟාවලිය ඉලක්ක කරමින් ඉන්දීය කාන්තා කණ්ඩායමේ නායකත්වය Harmanpreet Kaurට උපනායිකාව Smriti Mandhana

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන 15 දෙනෙකුගෙන් යුත් එක්දින සහ විස්සයි-20 ඉන්දීය කාන්තා සංචිත කණ්ඩායම් දෙකේම නායකත්වයHarmanpreet Kaurට හිමිව ඇත. කණ්ඩායමේ උපනායකත්වයට පත්ව සිටින්නේ Smriti Mandhanaය.

Harmanpreet Kaur ඉන්දීය විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය දරමින් සිටින අතර හිටපු නායිකා මිතාලී රාජ්ගේ විශ්‍රාම යෑමත් සමගින් එක්දින කණ්ඩායමේ නායකත්වයද ඇයට හිමි වූවාය.

එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට ඉන්දීය කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

මේ මස 23, 25 සහ 27 යන දිනයන්හිදී තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය දඹුල්ලේදී පැවැත්වෙන අතර ලබන මස 1, 4 සහ 7 යන දිනයන්හිදී තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මහනුවර පල්ලේකැලේදී පැවැත්වේ.

ඉන්දීය කණ්ඩායමට යොවුන් ක්‍රීඩිකාවන් අවශ්‍ය අවස්ථාවක ඔවුන්ට ඉඩදීම සඳහා තමන් විශ්‍රාම ගත් බව හිටපු නායිකාව පැවසුවාය.

ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩිකා ජුලාන් ගොස්වාමි මේ මස අගදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සීමිත ඕවර තරගාවලිය සඳහා නම්කර නොමැත. මිතාලී රාජ් සහ ජුලාන් ගෝස්වාමි එක්දින තරග 433 ක සහ විස්සයි-20 තරග 157 ක අත්දැකීම් බහුල ක්‍රීඩිකාවෝ වෙති.

ජෙමීමා රොඩිගූස් සහ රාධා යාදව් එක්දින තරගාවලියටත්, ටානියා භාතියා සහ හර්ලීන් ඩියෝල් විස්සයි-20 තරගාවලියටත් නිර්දේශ කර තිබේ.

ඉන්දීය කාන්තා විස්සයි-20 සංචිතය

හර්මන්ප්‍රීට් කෞර් (නායිකාව), ස්මි්ත්‍රී මන්ධනා (උපනායිකාව), ශෆාලී වෙර්මා, යස්තිකා භාතියා, එස්.මේඝ්නා, දීප්ති ෂර්මා, පූනම් යාදව්, රාජේෂ්වරී ගයක්වාඞ්, සිම්රන් බහදූර්, රීචා ඝෝෂ්, පූජා යස්ත්‍රකාර්, මේඝ්නා සිං, රේනුකා සිං, ජෙමීමා රොද්‍රීගූස්, රාධා යාදව්

ඉන්දීය කාන්තා එක්දින සංචිතය

හර්මන්ප්‍රීට් කෞර් (නායිකාව), ස්මි්ත්‍රී මන්ධනා (උපනායිකාව), ශෆාලී වෙර්මා, යස්තිකා භාතියා, එස්.මේඝ්නා, දීප්ති ෂර්මා, පූනම් යාදව්, රාජේෂ්වරී ගයක්වාඞ්, සිම්රන් බහදූර්, රීචා ඝෝෂ්, පූජා යස්ත්‍රකාර්, මේඝ්නා සිං, රේනුකා සිං, ටානියා භාතියා සහ හර්ලීන් ඩියෝල්

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button