Cricket NewsEXCLUSIVEInternational

කඩුලු පන්සීයක් ගත්තාට, අශ්වින්ට රන්කාසි 500ක් සමග කෝටි 4ක චෙක් එකක්.

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලියේදී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 500 සම්පූර්ණ කළ ලොව 9 වැනි ක්‍රීඩකයා බවට පත්වීමේ ප්‍රීතිය නිමිත්තෙන් තමිල්නාඩු ක්‍රිකට් සංගමය විසින් ඉන්දීය රුපියල් රුපියල් කෝටියක මුදල් චෙක්පතක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 4කට ආසන්න), කඩුලු 500 වෙනුවෙන් රන් කාසි 500ක්, රන් කුසලානයක් හා විශේෂ බ්ලේසරයක් (කබායක්) පිරිනැමීය.

එම උපහාර උත්සවයේදී රවීචන්ද්‍ර අශ්වින් සමඟ ඔහුගේ බිරිය සහ දරුවන් ද වේදිකාවට කැඳවා ඇගැයීමට ලක්කළ බව ඉන්දීය වාර්තා සඳහන් කළේය. එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ තරග 5කදී කඩුලු 26ක් දවා ගැනීමට සමත්වූ අශ්වින්ට ඔහු නියෝජනය කරන තමිල්නාඩු ක්‍රිකට් සංගමය ගෞරව පුද කළේ ඒ අයුරිනි.

එම උත්සවයේදී එම්.එස්. දෝනිට හදවතින්ම ස්තූතිය පුද කළ අශ්වින් පැවසුවේ විවාහයෙන් පසුව, කාන්තාවගේ වාසනාවේ ප්‍රතිඵලය ලෙස ඉතිහාසයේ සාර්ථකම ටෙස්ට් පන්දු යවන්නන් අතරට පැමිණීමට හැකිවූ බවයි. ඔහු ටෙස්ට් දිවියේ මේ දක්වා තරග 100කට ක්‍රීඩා කර කඩුලු 516ක් දවාගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7