Cricket NewsEXCLUSIVET10 League

Abu-Dhabi T10 පිටියේ දසුන්ගේ චෙන්නායි කණ්ඩායම 5 වන පරාජයත් ලබයි – භානුක රාජපක්ෂගෙන් වේගවත් ඉණිමක්.!

ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

එහිදී දසුන් ශානක නායකත්වය දරන Chennai Braves කණ්ඩායම සහ Northern Warriors කණ්ඩායම අතර අද පැවති තරගයෙන් ලකුණු 19 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Northern Warriors කණ්ඩායම සමත් වූයේ Chennai Braves කණ්ඩායමට එරෙහිව දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Chennai Braves නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Northern Warriors කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Northern Warriors පිතිකරුවන් ඉතා විශිෂ්ට පිතිකරණයක නියැලෙමින් නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 152 දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

මෙය ඉතිහාසයට එක් වූයේ T10 තරගාවලියේ වාර්තා වූ තෙවන විශාලතම ලකුණු පුවරුව ලෙසටයි.

Northern Warriors කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ආරම්භක සබඳතාවයක් පැවැත්වීමට Kenner Lewis සහ Moin ali සමත්වුණා.

ඔවුන්ගේ අධිවේගී පිතිහරඹය පන්දුවාර 6ක් පුරා විහිදී තිබූ අතර එහිදී ඔවුන් ලකුණු 106ක සබඳතාවයක් පැවැත්වීමට සමත් වුණා.

Lewis පන්දු 19ක් තුළ වේගවත් ලකුණු 49 ක් රැස් කිරීමට සමත් වූ අතර Moin Ali ද පන්දු 19ක් තුළ ලකුණු 49 ක් රැස්කිරීමට සමත්වුණා.

Rovman powle ලකුණු 28 ක් රැස් කළ අතර samith ලකුණු 17ක් රැස් කිරීමටත් සමත් වුණා.

ඒ අනුව දසුන්ගේ Chennai braves පිතිකරුවන්ට ලකුණු 153 ක දැවැන්ත ජයග්‍රහි ඉලක්කයක් හිමිවුණා.

කෙසේ නමුත් එම ජයග්‍රහි ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි Chennai Braves පිතිකරුවන්ට පන්දුවා 9.5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 133ක් පමණයි.

ඒ අනුව ලකුණු 19 ක ජයග්‍රහණයක් Northern Warriors කණ්ඩායමට හිමි වුණා.

Chennai Braves කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ පන්දු 13ක් තුළ ලකුණු 34ක් රැස් කිරීමට සමත් වුණා.

Ravi Bopara පන්දු 13 තුළ ලකුණු 30 රැස්කිරීමට සමත්වුණා.

Khalid Sha පන්දු 6කින් ලකුණු 18ක් රැස් කලා.

පන්දු යැවීමේදී Oshane thomas කඩුලු 3ක් බිඳ හෙලූ අතර Josh Little සහ Umar Ali කඩුලු දෙක බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව Northern Warriors කණ්ඩායමට ලකුණු 19ක ජයක් හිමි වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7