Cricket NewsEXCLUSIVE

නවතම වාර්ථාවක් තබමින් රංගන හේරත්ගේ අඩි පාරේ යන බංග්ලාදේශ දඟ පන්දු යවන්නෝ ඇෆ්ගනිස්තානය විනාශ කර දමයි.!

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 61 කින් පරාජය කරමින් තරඟාවලිය තරග 1-0 ක් ලෙසින් පෙරමුණ ගන්නට ඊයේ බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

බංග්ලාදේශ වෙනුවෙන් ලිටන් දාස් අගනා අර්ධශ ශතකයක් රැස් කල අතර බංග්ලාදේශ වමත් දඟපන්දු යවන්නන් එක්ව ඇෆ්ගනිස්තාන ඉනිම අවසන් කර දැමීය.

බංග්ලාදේශ වමත් දඟ පන්දු යවන්නන් තිදෙනා එක්ව ඇෆ්ගනිස්තාන පිතිකරණ ලැයිස්තුවේ කඩුලු 9 ක් දවාගත්තේය.

ඉතිරි සෙසු කඩුල්ලද වමත් වේගපන්දු යවන්නා වන මස්ටෆිසූර් රෙහ්මාන් දවාගත් අතර මෙය වාර්ථා අතරට එක් වූයේ වමත් පන්දු යවන්නන් විසින් විස්සයි විස්ස තරඟයක සියලුම කඩුලු දවාගත් පළමු අවස්ථාව ලෙසටය.

බංග්ලාදේශ වමත් දඟ පන්දු යවන්නන් වන වන නසුම් අහ්මඩ් කඩුලු 4 ක් ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 3 ක් හා ශකීබ් අල්හසන් කඩුලු 2 ක බැගින් බිඳ හෙලීය.විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ නසුම් අහමඩ් ලකුණු 10 ට කඩුලු 4 ක් බිඳ දැමීය.

බංග්ලාදේශ දඟපන්දු යැවීමේ පුහුණු කරු ලෙසින් කටයුතු කරන්නේ වමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් වන අතර ඇශ්ටන් ඒගාර් ද බංග්ලාදේශය වමත් දඟපන්දු යවන්නන්ගේ සාර්ථකත්වයේ රහස රංගන හේරත් බව මීට පෙර ඔස්ට්‍රේලියා බංග්ලාදේශ විස්සයි විස්සයි විස්ස තරඟාවලියේදී පවසා තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7