Cricket NewsEXCLUSIVE

ගෙවී ගිය 2022 වසරේ විශිෂ්ටතම විස්සයි-20 ක්‍රීඩකයන් 11 අතරට ICCය වනිඳු හසරංගවත් නම් කරයි.!

2022 වසර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අතිශය කාර්ය බහුල වූ වසරක් ලෙස අපට සැලකීමට පුළුවන්. විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලානයක්, ආසියානු කුසලාන තරඟාවලියක් ඇතුළු තරඟාවලි කිහිපයක්ම මෙම වසරේ පවතී අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ද අන් වසර වලට සාපේක්ෂව ඉහල දස්කම් දැක්වීමට සමත් වුනා.

මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය විසින් පසුගිය 2022 වසරේ දී ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා මත පදනම්ව නම් කර ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කිරීමට පසුගිය දා කටයුතු කළා. මෙම කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ද ඇතුලත් වීම විශේෂත්වයක්.

ඒ අන් කවරකු හෝ නොව ගෙවී ගිය වසරේත් ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ ප්‍රදාන තුරුම්පුව බවට පත් වූ වනිඳු හසරන්ගයි.

මෙම වසරේ විශිෂ්ටතම විස්සයි-20 කණ්ඩායමේ අංක 9 ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග එලෙසින් නම් කර තිබෙන අතර විස්සයි-20 ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ නායක ජොස් බට්ලර් මෙම ලෝක කණ්ඩායමේ නායකයා ලෙස නම් කිරීමට ICC ය පියවර ගෙන තිබෙනව්.

මෙම සරේ විශිෂ්ටතම විස්සයි-20 කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙකු ද, එංගලන්ත හා පාකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් ද, නවසීලන්ත, සිම්බාබ්වේ, ශ්‍රී ලංකා හා අයර්ලන්ත ක්‍රීඩකයෙකු බැගින් ද ඇතුළත් වන අතර ඒ ICCය නම් කල එම විශිෂ්ටයන්ගේ කණ්ඩායම පහතින්

Jos Buttler (C, WK) (England)
Mohammad Rizwan (Pakistan)
Virat Kohli (India)
Suryakumar Yadav (India)
Glenn Phillips (New Zealand)
Sikandar Raza (Zimbabwe)
Hardik Pandya (India)
Sam Curran (England)
Wanindu Hasaranga (Sri Lanka)
Haris Rauf (Pakistan)
Josh Little (Ireland)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button