Cricket NewsEXCLUSIVEInternational

උරහිසේ ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් කුසල් පෙරේරා ශල්‍යකර්මයකට භාජනය වීමට සැරසෙයි

Kusal Perera Tests Covid Positive Ahead Of South Africa Series On Cricketnmore
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා උරහිසේ ආබාධයකට ලක්වූයේ මීට වසර කිහිපයකට ඉහතදීය.2018 වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරඟයක් අතර තුර දී කුසල් මෙම ආබාධයට ලක්විය.හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි ඔහු එලෙස උරහිසේ ආබාධයකට ලක්වූයේ හයේ පහරක් නැවැත්වීමට ගත් උත්සහයක ප්‍රතිඵලයක් ලෙසිනි.

Kusal Perera to receive US$ 500,000 from World Anti Doping Agency

කෙසේ නමුත් එලෙස ඇතිවූ උරහිසේ ආබාධය තවමත් සුව අතට පත්ව නොමැති අතර අවස්ථා කිහිපකදීම එය මතුවීමෙන් කුසල් පීඩා විඳින ආකාරය දක්නට ලැබුණි.ඒ හේතුවෙන් කුසල් පෙරේරා සැත්කමකට භාජනය විය යුතු බව භෞතික චිකිත්සක වරයා මීට පෙරදීද නිර්දේශ කර තිබුණි.

Injuries put Kusal Perera and Wanindu Hasaranga on the sidelines | ESPN.in

කෙසේ නමුත් කුසල් එම තීරණය ප්‍රතික්ෂේප කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්ව බොහෝ කාලයක් සිටීමට අවශ්‍ය වන නිසාවෙනි.මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් හි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කුසල් ශල්‍යකර්මයකට භාජනය වීම සඳහා විදෙස් ගත වීමට නියමිත බවය.

බොහෝ විට ඉදිරි දින කිහිපය තුල කුසල් විදෙස් ගත වීමට ඉඩ ඇති බව සඳහන් වන අතර මේ බව තවමත් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිලවශයෙන් ප්‍රකාශ කර නොමැත.

Wanindu, Kusal to miss cricket for weeks over injuries

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7