Cricket NewsEXCLUSIVE

විශිෂ්ට ශතකයක් සමග වසර 74ක් පැරණි ක්‍රිකට් වාර්තාවක් දිමුත් බිඳ හෙළයි – කුමාර් සංගක්කාරගෙනුත් ප්‍රශංසා..

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ලකුණු 238කින් ජයග්‍රහණය කරමින් තරගාවලියම ජයග්‍රහණය කිරීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා.

මෙම ටෙස්ට් තරඟයත් දින තුනකින් අවසන් වීම විශේෂත්වයකි.

කෙසේ නමුත් මෙම තරඟාවලියේදී ශතකයක් රැස් කර ගැනීමට හැකියාව ලැබුණු එකම ක්‍රීඩකයා බවට පත්වූයේ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නයි.

මෙවැනි තරඟාවලියක තීරණාත්මක තෙවන දිනයේ දී විශිෂ්ට ඉවසිලිමත් පිතිතරණයක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා නායකයා දියත් කළ එම ඉනිම ක්‍රිකට් විචාරකයින්ගේ පවා දැඩි ප්‍රශංසාවට ලක්වී තිබුණා.

පන්දු 174ක් තුළින් රැස් කරන ලද දිමුත්ගේ එම ලකුණු 107 ට හතරේ පහරවල් 15ක් ඇතුළත්ව තිබුණා

දිමුත් කරුණාරත්න විසින් රැස් කරන ලද මෙම ශතකය කෙතරම් විශිෂ්ට ඉනිමක් ද කිවහොත් ඔහු විසින් බිද හෙලීමට සමත් වූයේ වසර 74ක් පැරණි වාර්තාවකි

එනම් ඉන්දියාවේදී ටෙස්ට් තරගයක සිව්වන ඉනිමේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට දිමුත් කරුණාරත්න සමත්වුණා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඉන්දීය හිටපු ක්‍රීඩක Mushtaq Ali විසිනුයි. ඔහු ලකුණු 106 ක් රැස් කර තිබූ අතර ඒ 1948 වසරේ දීය.

දිමුත් විසින් මේ බිඳ හෙළුවේ වසර 74ක් පැරණි ක්‍රිකට් වාර්තාවකි.

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ද දිමුත් කරුණාරත්නගේ මෙම විශිෂ්ට ඉණිම ප්‍රශංසාවට ලක් කර තිබූ අතර ඔහු මේ පිළිබඳ විශේෂිත සටහනක් ද සිය නිල ට්විටර් ගිණුමට එක් කර තිබුණා.

එම ට්විටර් සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7