Cricket NewsEXCLUSIVEInternational

“මගේ ඇස්වලට අනූව ටිම් පේන් තමයි ලෝකෙ ඉන්න හොඳම කඩුලු රකින්නා” – Nathan Lyon කියයි.!

2017 වසරේදී ක්‍රිකට් ආයතන සේවිකාවකට යවන ලද අසභ්‍ය කෙටි පණිවිඩ සම්බන්ධ පළහිලව්වක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ටිම් පේන් පසුගියදා නායකත්වයෙන් ඉවත් වූ අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම තීරණය ගනු ලැබුවේ ජාතික කණ්ඩායමේ සුබ සිද්ධිය සලකා බවයි.

එමෙන්ම මෙම අර්බුදය හේතුවෙන් සිත්තැවුලට පත් සිය පවුලේ සාමාජිකයින්ගෙන් ද ඔහු සමාව අයැද සිටි අතර අනතුරුව ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් දින නියමයක් නොමැති ව මානසික සෞඛ්‍යය සඳහා විවේකය ගැනීමටද තීරණය කර තිබෙනවා.

එ අනුව ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නව නායකත්වය පැට් කමින්ස් හට හිමි වුනා.

අළු බඳුන ක්‍රිකට් තරඟාවලිය ආරම්භයට සති තුනකටත් අඩු කාලයක් තිබියදී මෙම සියලු සිදුවීම් වාර්තා වූ අතර ඒ සම්භන්දව අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක Nathan Lyon යන්න අවධාරණය කර සිටියේ ලොව හොඳම කඩුලු රකින්නා වන ටිම් පේන්ව අළු බදුන තරගාවලියට යොදා ගත යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි Nathan ප්‍රකාශ කර සිටියේ තේරීම් කමිටුව අළු බඳුන තරඟාවලිය වෙනුවෙන් හොඳම ක්‍රීඩකයින් 11ස් දෙනාව තෝරා ගැනීමට යන බව ප්‍රකාශ කර සිටියත් තම ඇස් වලට දුටු ලෝකයේ හොඳම කඩුලු රකින්නා වන ටිම් පේන්ට එම අවස්ථාව අහිමිව ගොස් ඇති බවයි.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ Nathan Lyon සඳහන් කර සිටියේ ටිම් පේන් යනු ඉතා ආදරණීය සහ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයකුද වන බවයි.

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7