Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකාව අනුගමනය කරමින්, කොදෙව්වන් පකිස්ථාන සංචාරය සඳහා තරුණ ක්‍රීඩකයන් රැසක් සංචිතයට කැඳවයි.!

පකිස්තානය සමග ආරම්භ වීමට නියමිත තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය සහ විස්සයි විස්ස සංචිතය නම් කර තිබෙනවා.

විශේෂත්වය වන්නේ ක්‍රිස් ගේල් මෙම නම් කරන ලද විස්සයි විස්ස සංචිතයේ නොමැති වීමයි. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඩ්වෙයින් බ්‍රාවෝ සමු ගත් අතර ලෝක කුසලානයේ ක්‍රීඩා කල එවින් ලුවිස්ට සහ ශිම්‍රන් හෙට්මයිර් හට ද විවේකයක් ලබා දීලා තියෙනවා.

ඒ වගේම ඇන්ඩ්‍රි ‍රසල් හටද විවේකයක් ලබා දීලා තියෙනවා.

නිමා වූ කැරිබියන් ප්‍රිමියර් ලීගයේ දක්ෂතා දක්වපු ඔඩෙයින් ස්මිත්, ඩොමැස්ටික් ඩ්‍රාක්ස්, රෙමාරියෝ ශෙපර්ඩ් වැනි අය කොදෙව් විස්සයි විස්ස සංචිතයට කැදවා තිබෙනවා.

කොහොම වුනත් වර්තමානයේ විස්සයි විස්ස පිටියේ එතරම් දක්ෂතා දක්වලා නැති බ්‍රෙන්ඩන් කිං, කයිල් මේයර්ස්, ශායි හෝප් වගේ අය සංචිතයට එක් වෙද්දි නිමා වූ කැරිබියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ දක්ෂතා දක්වපු ශෙර්ෆර්න් ‍රදර්ෆර්ඩ් , කෙන්නාර් ලෙවිස් වගේ අයට තාමත් සංචිතයේ ස්ථානයක් ලැබිලා නැ.

ඒ කොහොම වුනත් Gudakesh Motie කියන ගයානා දඟ පන්දු යවන්නා සංචිතයට කැඳවීමට කොදෙව් බලදාරීන් කටයුතු කර තිබෙනවා.

Gudakesh කියන්නේ කොදෙව් හී ඉන්න තවත් විශිෂ්ඨ දක්ෂයෙක්.ඔහු බොහෝ එක්දින තරගවල ඔහුට ලොකු දෙයක් කරන්නට හැකි පන්දු යවන්නෙක් වනු ඇති බවට විචාරකයන් පවා මත පල කර තිබෙනවා.

නම් කල කොදෙව් එක්දින සංචිතය,

Kieron Pollard ( C )
Shai Hope ( VC )
Derren Bravo
Shamarh Brooks
Roston Chase
Justin Greaves
Akeal Hosein
Alzarri Joseph
Gudakesh Motie
Anderson Phillip
Nicholas Pooran
Raymon Reifer
Romario Shepherd
Odean Smith
Hayden Walsh Jr

නම් කල විස්සයි විස්ස සංචිතය,

Kieron Pollard ( C )
Nicholas Pooran ( VC )
Darren Bravo
Roston Chase
Sheldon Cottrell
Dominic Drakes
Shai Hope
Akeal Hosein
Brendon King
Kyle Mayers
Gudakesh Motie
Romario Shepherd
Odean Smith
Oshene Thomas
Hayden Walsh Jr

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button