Cricket NewsEXCLUSIVEInternational

දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව ඉතිහාසගත තරඟාවලි පරාජයකට මුහුණ දෙයි.!

ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරඟ සංචාරයට ආදාලව පැවැති තරග 3කින් සමන්විත වූ එක්දින තරගාවලිය ඉන්දීය කණ්ඩායමට කිසිදු අවස්ථාවක් නොදී 3-0ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කිරීමට සත්කාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා.

ඒ අද පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

කේප් ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ලෙස දකුණු අප්‍රිකාවට ආරාධනා කර සිටියා.

එම ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 49.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 287ක් රැස් කළේ ක්වෙ Quinton de Kock වාර්තා කළ සිය 17 වැනි එක්දින ජාත්‍යන්තර ශතකයෙන් සවිමත් වෙමිනි.

Quinton de Kock පන්දු 130කින් ලකුණු 124ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 12ක් සමගින්.Rassie van der Dussen ලකුණු 52ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Prasidh Krishna කඩුලු 3ක් දවා ගත් අතර, ජස්ප්‍රිට් බුම්රා හා Deepak Chahar කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 288ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දියානුවන්ට පන්දුවාර 49.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 283ක් පමණයි.

ශිකර් ධවාන් ලකුණු 61ක් හා විරාට් කෝලි ලකුණු 65ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ලකුණු 98ක සබදතාවයක් ගොඩ නැගුනා,රිෂාබ් පාන්ට් පළමු පන්දුවෙන්ම අනවශ්‍ය පහරක් එල්ල කිරීමට යාමෙන් දැවී යාම ඉන්දීය ඉනිමට දැඩි පීඩනයක් එල්ල කළා.

ඉන්දීය ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 223 දී බිද වැටුණේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු දකුණු අප්‍රිකාවට හිමි කර දෙමින්.

කෙසේ වෙතත්, අනතුරුව දීපක් චහාර් හා ජස්ප්‍රිට් බුම්රා 8 වැනි කඩුල්ල සදහා ලකුණු 55(31) ක සබදතාවයක් ගොඩ නගමින් තරගයේ ජයග්‍රහනය පෙනෙන මානයටම කණ්ඩායම රැගෙන යාමට සමත් වුණා.

නමුත්, තරගය ජය ගැනීම සදහා ලකුණු 10ක් පමණක් අවශ්‍යව තිබූ අවස්ථාවේ දී දීපක් චහාර් දැවී යාමත් සමග දකුණු අප්‍රිකාව යළි සටනට අවතීර්ණ වුණේ ඉන්දීය කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 283කට සීමා කරමින් අවසන් පන්දුවාරයේ දී තියුණු ජයක් වාර්තා කරමින්.

පන්දු යැවීමේ දී Andile Phehlukwayo හා Lungi Ngidi කඩුලු 3 බැගින් දවා ගත්තා.Dwaine Pretorius බිඩුලු 2ක් බිඳ හෙලුවා.

තරගයේ වීරයා හා තරගාලියේ වීරයා ලෙස Quinton de Kock සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය අද නිමාවට පත් වුණේ ටෙස්ට් තරගාලියෙන් ඉන්දියාවට තරග 1-2ක පරාජයක් හා එක්දින තරගාවලියෙන් තරග 0-3ක දැවැන්ත පරාජයක් හිමි කර දෙමිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7