EXCLUSIVEPremier LeagueT10 League

ලෝක කුසලාන රිද්මය ඉදිරියට ගෙනයමින් t 10 හි වාර්ථාවක් වනිඳුගේ නම ඉදිරියෙහි ලියැවෙයි .

May be an image of 1 person and text

මෙවර අබුඩාබි t 10 තරඟාවලියේ පන්දුයවන්නන් අතරින් මුල් තැන ගන්නට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ වනිඳු හසරංග සමත් විය. ඒ ඊයෙ නදර්න් වොරියර්ස් කණ්ඩායම සමඟ පැවැති තරඟයේදී සිය පන්දුවාර 2 තුලදී ලකුණු 5 ක් පමණක් ලබාදෙමින් කඩුලු 2 ක් බිඳ දමන්නට සමත් වීමත් සමඟය .

එය වාර්ථා අතරට එක්වූයෙ . අබුඩාබි t 10 ඉතිහාසයේ පන්දුයවන්නෙකු පන්දුවාරයක් සඳහා වාර්ථා කල අඩුම ලකුණු සාමාන්‍යය ලෙසටය .

වනිඳු මෙවර තරඟාවලියේ වැඩිම කඩුලු ලභියාද වන අතර ඊයෙ තරඟයේදී දවාගත් කඩුලු 2 කද් සමඟින් මේ දක්වා සමස්ථ තරඟාවලියේදී කඩුලු 8 ක් බිඳදමන්නට වනිඳු සමත්ව ඇත .

ඊට අමතරව ඊයෙ දිනයේ වනිඳු දැක්වූ විශිෂ්ඨ දක්ශතා නිසාවෙන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල තරඟය කඩුලු 6 කින් ජයගන්නටද සමත් වූ අතර තරඟයේ වීරයාද වූයේ වනිඳු හසරංග ය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7