Cricket NewsEXCLUSIVEIPL

IPL සඳහා අලුතින්ම එක් “Team Lucknow” විසින් චරිත් අසලංකව මිලදී ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.!

ගෙවී ගිය ලෝක කුසලාන තරඟාවලියේදී සුපිරි දස්කම් දක්වන්නට සමත් වූ ශ්‍රී ලංකා යොවුන් පිතිකරු චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීගයේදී විශාල අගයක් සහිත වෙන්දේසියක් වනු ඇති බව ප්‍රවීන ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරක ආකාශ් චොප්‍රා සඳහන් කලේ ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව අතර තුරමය.

පසුගිය ලෝක කුසලාන තරඟාවලිය තුල චරිත් අසලංකගේ සාර්ථකත්වය කෙතරම්ද කියනවනම් ඔහු ලොව ප්‍රභලයන් සියල්ලම පසු කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නම් කරන ලෝක කුසලානයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් 11 දෙනා අතරටද නම් වුනා.

කෙසේනමුත් මුල් පෙල පිතිකරුවෙකු වශයෙන් අසලංක අවසන් තරඟ කිහිපය තුල දක්ශතා අතර සිටීම හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා එක්වූ නවතම කණ්ඩායම වන ලක්නව් කණ්ඩායම චරිත් අසලංක මිලදී ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එලෙස අසලංකව මිලදී ගෙන ඇති බව සඳහන් කරනුයේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ පුවත්පතක් වන The india news පුවත්පත විසිනි.

කෙසේනමුත් මේ පිලිබඳව නිළවශයෙන් චරිත් අසලංක හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7