Cricket NewsDomestic CricketEXCLUSIVE

අවසන් මහා තරඟයේදී Blues කණ්ඩායම කඩුලු 7කින් පරාජය කළ කුසල් මෙන්ඩිස්ගේ Reds වර්ණ සංග්‍රාමයේ ශුරතාවය ජයග්‍රහණය කරයි.!

එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ‍ආරාධිත විස්සයි-20 තරගාවලියේ අද පැවති අවසන් මහා තරඟය ජයග්‍රහණය කළ කුසල් මෙන්ඩිස් නායකත්වය දැරූ Reds කණ්ඩායම තරඟාවලියේ ශුරයන් ලෙස අභිසෙස් ලැබුවා.

ඒ අනුව අනුශුරයන් ලෙස පත් වුයේ Blues කණ්ඩායමයි. Blues නායක චරිත් අසලංක මෙම තරඟයටත් ක්‍රීඩා නොකළ අතර නායකත්වය දරනු ලැබුවේ ධනංජය සිල්වා විසිනුයි.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් Reds නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Blues කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Blues කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 136ක් රැස් කිරීමට සමත් වුණා.

Blues කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අශේන් බණ්ඩාර පන්දු 30කදී ලකුණු 40ක් වාර්තා කිරීමට සමත් වුනා.ලහිරු උදාර ලකුණු 37ක් රැස් කළ අතර ධනංජය සිල්වා ලකුණු 25ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී මහිෂ් තීක්ෂණ සහ අසිත ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 137ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Reds පිතිකරුවන් පන්දුවාර 16.5ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 137ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Reds ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 56ක් රැස් කල අතර ලසිත් කෘස්පුල්ලේ ලකුණු 25ක් රැස් කළා.

පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.තරඟයේ වීරයා සම්මානය හිමි වුයේ කුසල් මෙන්ඩිස් හටයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button