Cricket NewsEXCLUSIVE

“මගේ හදවතයි මනසයි කියන්නෙ ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කරන්නම ඕන කියලා, මේක අපේ කණ්ඩායම… මම දන්නවා මේ කණ්ඩායමට ඒක කරන්න පුළුවන්” – කුමාර් සංගක්කාර

මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තවත් ඇත්තේ සතියකටත් අඩු කාලයක්, මෙවර සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ සිට ලොකු කුසලාන තරගාවලිය අරඹන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ලොව පුරා ක්‍රිකට් විචාරකයන්ගේ අවධානය දිනා ගෙන අවසන්.

පසුගියදා පැවැති ආසියානු කුසලාන තරගාවලිය ජයග්‍රහණය කරමින් ආසියානු ශූරයයන් ලෙස මෙවර තරගාවලියට ප්‍රවිෂ්ට වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රිඩක කුමාර් සංගක්කාර මාධ්‍යවේදී අසාම් අමීන් සමඟ පැවැති වැඩසටහනකට එක්වෙමින් පවසා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට හැකියාවක් තිබෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කුමාර් සංගක්කාර මහතා ,

“මගේ හදවතයි, මනසයි දෙකම කියන්නේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්නම ඕන කියලා. මම දන්නවා අපේ ක්‍රීඩකයින්ට එය කරන්න පුලුවන් කියලා. මම හිතන්නේ අපේ ක්‍රීඩකයින්ට ඔස්ට්‍රේලියානු තණතීරුවල ක්‍රීඩා කරන්න පුලුවන් හැකියාව තිබෙනවා.

පසුපාදයේ ක්‍රීඩා කිරීම වගේම, කට් ශොට් එක සහ පුල් ශොට් එක හොදට ගහන්න අපි දන්නවා. දසුන් ශානක ඇතුලු මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන්ට ලොකු වගකීමක් තිබෙනවා. අපේ තරග ක්‍රීඩා කරන විලාසය දිහා බැලුවොත්, එන්න එන්නම අපේ ක්‍රීඩකයින් දියුණු වෙලා තිබෙනවා. අපේ කාලය ඉවරයි, හිටපු ක්‍රීඩකයෙක් විදිහට මම ආඩම්බරයෙන් කියන්න ඕන, අපිට සිටින ඉතාමත් සුවිශේෂී ක්‍රීඩකයින් පිරිසක් තමයි මේ ලෝක කුසලානයට ගිහිල්ලා තිබෙන්නේ.”

සම්පුර්ණ වැඩසටහන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button