Cricket NewsEXCLUSIVEInternational

පකිස්ථාන කණ්ඩායමේ වත්මන් මාධ්‍ය කළමණාකරු හා අධ්‍යක්ෂ මණ්ඩලයේ කළමණකරු කොළඹ කැසිනෝ ශාලාවක සිටින රූපරාමු නිකුත් වේ.

පකිස්ථාන කණ්ඩායමේ වත්මන් මාධ්‍ය කළමණාකරු උමාර් ෆාරුක් කල්සන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ GM (ජාත්‍යන්තර ක්‍රිකට්) අද්නාන් අලි දෙදෙනා කොළඹ කැසිනෝ ශාලාවකට ගිය අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන මතුවීමෙන් පසු ඔවුන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබේ.

ඔවුන් දෙදෙනාම දැනට පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලිය සඳහා පාකිස්ථානු කණ්ඩායමට අයත් කණ්ඩායමක් ලෙස නිල වශයෙන් කොළඹට පැමිණ සිටින අතර සූදු පොලකට යාම ආචාර ධර්ම සංග්‍රහයට අනුව තහනම් ස්ථානවලින් එකක් වන බැවින් ICC හි දූෂණ මර්දන ඒකකයේ අවධානයට ලක් වනු නිසැකය. සමාජ මාධ්‍යවල බොහෝ පකිස්ථාන රසිකයින් ප්‍රශ්න කළේ PCB හි නිලධාරීන් සූදුවෙහි යෙදීමට තරම් “නොමේරූ” සහ “නොසැලකිලිමත්” වන්නේ කෙසේද යන්නයි.

Pakistan Cricket Team Media Manager Umar Kalson Under Scanner For Visiting Colombo Casino: Report

සමහර පකිස්ථාන ප්‍රවෘත්ති නාලිකා සිරස්තල පළ කිරීමෙන් පසුව, කැසිනෝවේ නිලධාරීන් දෙදෙනා පසුව පැහැදිලි කළේ ඔවුන් කැසිනෝ ශාලාවට ගියේ රාත්‍රී ආහාරය ගැනීමට පමණක් බවත්ය, එම ප්‍රකාශය සියල්ලන්ගේම හා සමාජ මාධ්‍යවල සහ සමහර හිටපු ටෙස්ට් ක්‍රීඩකයින් විසින් විවේචනයට ලක් කර තිබෙ.

“කවුද කැසිනෝ එකකට යන්නේ කෑම කන්න. කවුද සූදු පලකට යන්නේ කෑම ගන්න. කාවද රවට්ටන්න හදන්නේ” යනුවෙන් ක්‍රිකට් ලේඛක ඔමයිර් අලවි තම අදහස් දක්වමින් ඔවුන්ව විවේචනය කර තිබෙ. තවද ඔහු පවසා ඇත්තෙ PCB නිලධාරීන් දෙදෙනා සූදු ක්‍රීඩාව පවතින ස්ථානයකට හෝ කැසිනෝ ශාලාවට නොයා යුතු බවයි. ඔවුන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ලැබීමටද හැකි බව හෙතෙම වැඩි දුරටත් අදහස් දක්වමින් කියා තිබේ.

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button