Cricket NewsEXCLUSIVEInternational

හිටපු තේරීම් කමිටුවට ඇන්ජලො මැතිව්ස්ගෙන් කනේ පහරක්

ඇතැමුන් පුද්ගලික න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කිරීම හේතුවෙන් තමාට දස්කම් අතර සිටියදී පවා ජාතික සීමිත ඕවර කණ්ඩායම්වල ස්ථානයක් අහිමිවූ බවත්, ලැබුණු අවස්ථාවෙන් තවදුරටත් තමාට රට දිනවීම සඳහා ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති බව ඔප්පුකර පෙන්වූ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

“ක්‍රීඩකයෙක් විදියට අන්තිම එල්.පී.එල්. තරගාවලි දෙකේදී හොදින් දස්කම් දක්වලා තියෙද්දිත් අවාසනාවකට මාව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තේරුණෙත් නෑ, එක්දින ලෝක කුසලාන තරගාවලියට තේරුණෙත් නෑ. ඒ ඇයි කියලා හේතුවක් මම දන්නේ නෑ. සමරදෙනා එයාලගෙ පුද්ගලික න්‍යායපත්‍රවලට අනුව තීරණ ගත්තු නිසා තමයි මේ වගේ දේවල් වූණේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button