Cricket NewsEXCLUSIVEInternational

නායක දසුන් ශානකට විනාශකාරී පිතිකරුවෙකු වීමට හැකියාව තියෙනවා. – ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් කියයි

නායක දසුන් ශානකට විනාශකාරී පිතිකරුවෙකු වීමට හැකියාව ඇති බවත්, යළිත් හොඳ තත්ත්වයට පත්වීම සඳහා දැඩි පුහුණුවක් අවශ්‍ය බවත් ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් විශ්වාස කරනවා.

ඊයේ කණ්ඩායමේ ආසියානු කුසලාන පරාජයෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් සිල්වර්වුඩ් පැවසුවේ දසුන් ශානක වඩාත් විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම සහ ඔහු දිගටම වෙහෙස මහන්සි වී පුහුණුවීම් කිරීමට වග බලා ගැනීම අත්‍යවශ්‍ය බවයි.

“අපට මෙය ආපසු හැරවිය හැකි යැයි බලාපොරොත්තු වෙමු. වෙන කරන්න දෙයක් නැහැ. අපි තව තවත් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු අතර ඔහු කෙරෙහි එම විශ්වාසය ඇති කර ගැනීමට උත්සාහ කළ යුතුයි, ” යනුවෙන් ඔහු පැවසීය.

දසුන් ශානක තම පිතිහරඹයට අමතරව ආසියානු කුසලාන තරගාවලියේදී ප්‍රයෝජනවත් පන්දු යවන්නකු වී ඇති බව සිල්වර්වුඩ් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ලකුණු ලබා ගැනීමට වඩා වැඩි යමක් තිබෙන බව ද ශ්‍රී ලංකා පුහුණුකරු අවධාරණය කළේය.

“දසුන් කැප්ටන් කෙනෙක් වෙන්න ගොඩක් දක්ෂයි. ඔහු dressing room එකේදි සෑම කෙනෙකුගේම ගෞරවයට වෙනවා. ඔහු ක්‍රීඩකයන්ව හොඳින් අවබෝධ කරගෙන ඔවුන්ට විශාල ආදරයක් සහ සහයෝගයක් දක්වනවා. ඒ වගේම ඒ ආදරය සහ සහයෝගය ඔහුටත් නැවත ලැබෙනවා,” ඔහු පැවසීය.

සිල්වර්වුඩ් පැවසුවේ කණ්ඩායම් කළමනාකාරිත්වය ඔහුට සහයෝගය දැක්වීමට වග බලා ගන්නා බවත් අවශ්‍ය වැඩිදියුණු කිරීම් කිරීමට ඔහුට උදව් කිරීමටත් වග බලා ගන්නා බවයි.

“ඔහු එහි තනිවම නොවේ. dressing room එකේදි ඔහුට විශාල සහයෝගයක් ලැබෙනවා” යැයි ශ්‍රී ලංකා පුහුණුකරු වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7