Cricket KnowledgeCricket NewsEXCLUSIVE

KJP, ඩිල්ෂාන්, සනත් සහ සංගාට පසුව ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කරන ලද වේගවත්ම ලකුණු 500ය පැතුම් නිස්සංකගේ පිත්තෙන්.!

කලක පටන් දැඩි ප්‍රශනාර්තයක්ව පැවති ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරණ ධූරයට පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ සිට කදිම සොයාගැනීමක් ලැබුනි.

ඊට පෙර ඔහු ක්‍රිඩා කල තරඟ කිහිපය අසාර්ථක වීම හේතුවෙන් ලෝක කුසලාන සංචිතයට ඔහුව නම් කිරීම පවා මෙරට ක්‍රිකට් ප්‍රෙක්ශකයන් ප්‍රශ්න කල නමුත් ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසය තැබූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රකාශ කර සිටියේ එම ලෝක කුසලාන තරඟාවලිය ඔහු ඔහුගේම තරඟාවලියක් බවට පත් කර ගනු ඇති බවයි.

නායකයා තැබූ විශ්වාසය අකුරටම ඉටු කල ඔහු අන් කිසිවකු ⁣නොව කලකට පසුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණ ස්ථානයේ ප්‍රශ්නාර්තය අවසන් කල පැතුම් නිස්සංකයි.

පසුගිය දා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති විස්සයි-20 තරඟාවලියෙද වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ පැතුම් නිස්සංක මේ වන විට පැවැත්වෙන ඉන්දීය සංචාරයේද සිය සාර්ථකත්වය ⁣සොයා ගැනීමට සමත්ව සිටිනවා.

මෙ අතර සිය ක්‍රිකට් දිවියේ තවත් කඩයිමක් පසු කර ගාමට ඊයෙ තරඟයේදි පැතුම් නිස්සංක සමත් වුනා.

ඒ ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ ලකුණු 500යේ කඩයිම පසු කිරීමට ඔහු සමත් වීමයි. විශේෂත්වය වන්නේ පැතුම් මේ සඳහා වැය කර තිබෙන්නේ ඉනිම් 18ක් පමණක් වීමයි.

ඒ අනුව අවම ඉනිම් සංක්‍යාවක් තුලින් ලකුණු 500 සිමාව පසු කල ශ්‍රී ලංකා පිතිකරුවන් අතර පස් වන ස්ථානය පැතුමට හිමි වු අතර පැතුම්ට ඉදිරියෙන් සිටින්නේ කුසල් ජනිත්, TM ඩිල්ෂාන්, සනත් ජයසුරිය සහ කුමාර් සංගක්කාර පමණයි.

එය පිළිවෙලින් ගතහොත්,

කුසල් ජනිත් – ඉණිම් 16
TM ඩිල්ෂාන් – ඉණිම් 17
සනත් ජයසුරිය – ඉණිම් 17
කුමාර් සංගක්කාර – ඉණිම් 18
පැතුම් නිස්සංක – ඉණිම් 18

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7