Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 10ක් ඩුබායි සිට යලි දිවයිනට කැඳවයි.

සංචාරක ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර තවත් දින දෙකකින් ආරම්භවන එක්දින තරගාවලිය උදෙසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 9ක් ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති. මේ දිනවල පැවැත්වෙන ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටි එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් හා සදීර සමරවික්‍රම ටෙස්ට් තරගාවලිය උදෙසා කල් ඇතිවම ශ්‍රී ලංකාවට පැමිණිය ද එක්දින තරගාවලියට සහභාගීවන ක්‍රීඩකයන් සියලු දෙනා අද දින ශ්‍රී ලංකාවට පැමිණිය යුතු වේ.

ඩිසර්ට් වයිපර්ස් පිලට ක්‍රීඩා කරන වනිඳු හසරංග හා මතීෂ පතිරණ, ඩුබායි කැපිටල්ස් පිලට ක්‍රීඩා කරන මතීෂ පතිරණ, දුෂ්මන්ත චමීර, දසුන් ශානක හා නුවන් තුෂාර, සාජා වොරියර්ස් පිලට ක්‍රීඩා කරන මහීෂ් තීක්ෂණ හා ඩිල්ෂාන් මධුසංඛ, එමිරේට්ස් පිලට ක්‍රීඩා කරන කුසල් ජනිත් පෙරේරා හා අබුඩාබි නයිට් රයිඩර්ස් පිලට ක්‍රීඩා කරන චරිත් අසලංක ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති.

මේ ක්‍රීඩකයන් මුදලට ක්‍රීඩා කරන ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සම්බන්ධවීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද ‘විරෝධතා නොමැති ලිපිය’ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තරග මගහැරිය නොහැකි බැවින් එම තරගාවලියෙන් ඉවත්වී ඇෆ්ගනිස්තානය සමඟ තරගාවලියට සම්බන්ධවීම අනිවාර්ය වේ.

මේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේදී එමිරේට්ස් පිලට ක්‍රීඩා කරන කුසල් ජනිත් පෙරේරා තරග 6කදී අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 230ක් ලබාගත් අතර, ඩිසර්ට් වයිපර්ස් පිලට ක්‍රීඩා කරන වනිඳු හසරංග තරග 8කදී ලකුණු 133ක් හා කඩුලු 12ක් ලබා ගත්තේය. සාජා වොරියර්ස් පිලට ක්‍රීඩා කරන මහීෂ් තීක්ෂණ හා ඩුබායි කැපිටල්ස් පිලට ක්‍රීඩා කරන දුෂ්මන්ත චමීර පිළිවෙළින් කඩුලු 11ක් හා 10ක් ලබා ගත්හ.

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවති කුලුඳුල් ටෙස්ට් ක්‍රිකට් තරගය දිනයක් ඉතිරිව තිබියදී කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වූ අතර, එක්දින හා විස්සයි20 තරගාවලිය ඉතිරිව ඇත.

මේ අතර, ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව පිට කොන්දේ සැත්කමකින් පසු ඇෆ්ගනිස්තානයේ ප්‍රබල ක්‍රීඩක රෂීඩ් ඛාන් නොමැතිව ඔවුන්ගේ එක්දින සංචිතය ප්‍රකාශයට පත්කොට ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට රෂීඩ් නැවත ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු පළ කළ ද වෛද්‍ය නිර්දේශ අනුව ඔහුට අවස්ථාව හිමිව නැත.

වසර දෙකකට පෙර එක්දින තරගයක් පමණක් ක්‍රීඩා කොට ඇති 23 හැවිරිදි පා දඟ පන්දු යවන ක්වයිස් අහමඩ් යළි කණ්ඩායමට එක්ව සිටින අතර, පළපුරුදු වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ගුල්බඩින් නයිබ් මාස හතරකට පසු නැවත එක්දින පිටියට පිවිසෙයි. 18 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක නවීඩ් සද්‍රාන් මුල්වරට එක්දින සංචිතයට කැඳවා ඇති අතර, ඔහු කොළඹදී නිමාවූ සිය මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූවේය.

ඇෆ්ගනිස්තාන එක්දින සංචිතය: හෂ්මතුල්ලා ෂාහිඩි (නායක), රහමට් ෂා, රහ්මානුල්ලා ගුර්බාස්, ඉක්රාම් අලිකිහිල්, ඉබ්‍රාහිම් සද්‍රාන්, රියාස් හසන්, අස්මතුල්ලා ඔමරාසී, මොහොමඩ් නබි, ගුල්බඩින් නයිබ්, ක්වයිස් අහමඩ්, නූර් අහමඩ්, මුජීබ් උ- රහ්මාන්, ෆසල්ලාහක් ෆාරුකී, නවීඩ් සද්‍රාන්, ෆරීඩ් අහමඩ්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
13
+1
2
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button