Cricket NewsEXCLUSIVEIPL

“මම හිතන්නේ මතීෂ විශිෂ්ට ඩෙත් බෝලර් කෙනෙක්, ඔහුගේ පන්දුව තෝරා ගැනීමට පිතිකරුවකුට තවත් අමතර තප්පරයක් වැය වෙනවා” – මහේන්ද්‍ර සිං ධෝණි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාකිරීමට පෙර IPL තරඟයක ක්‍රීඩාකල පළමු ක්‍රීඩකයා බවට යොවුන් ක්‍රිඩක මතීෂ පතිරණ පත් වුයේ ඊයේ දිනයේදී Chennai Super Kings කණ්ඩායම වෙනුවෙන් IPL වරම් හිමිකර ගැනිමත් සමගයි.

එහිදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඔහු යැවූ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ලබා ගැනීමටද මතීෂ සමත් වුණා.

ඉන් නොනැවතුණු මතීෂ ඊයේ Gujarat Titans සමග පැවති තරගයේ දී Chennai Super Kings කණ්ඩාය වෙනුවෙන් හොඳම පන්දු යැවීමද වාර්තා කර සිටියේ ප්‍රතිවාදී කඩුලු දෙකක් බිඳහෙළමිනි.

එමෙන්ම Chennai Super Kings නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් මතීෂ පතිරණව 18 වන සහ 20වන යන තරගයේ තීරණාත්මක අවසන් පන්දුවාර යැවීම සඳහා භාවිත කළ අතර එහිදී එම වගකීම නිසි ලෙස ඉටු කිරීමටද මතීශ පතිරණ සමත් වුණා.

ඊයේ Gujarat Titans සහ Chennai Super Kings සමඟ පැවැති තරගයේ ජයග්‍රහණය Gujarat Titans කණ්ඩායමට හිමි වූ අතර තරගයෙන් අනතුරුව Chennai Super Kings නායක මහේන්ද්‍ර සිං දෝනි මතීෂ පතිරණ ගැන මෙලෙස පවසා සිටියා,

“මම හිතන්නේ මතීෂ පතිරණ විශිෂ්ට ඩෙත් බෝලර් කෙනෙක් (අවසන් පන්දුවාර යවන්නෙක්).. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වත් මාලිංගට ටිකක් සමානයි. ඔහුගේ පන්දුයැවීමේ ඉරියව්ව නිසා ඔහුගේ පන්දුව තරමක් දුරට තෝරා බේරා ගැනීමට අපහසුයි. ඒ වගේම හොඳ Slower Ball එකකුත් ඔහුට තියෙනවා, ඒ නිසා පිතිකරුවාට තවත් අමතර තප්පරයක් ඔහුගේ පන්දුව නැරඹීමට ගතවෙනවා”

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7