Cricket NewsEXCLUSIVE

ICC Player Of Month – පසුගිය මැයි මාසයේ විශිෂ්ටතම දස්කම් දැක්වූ ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් තේරී පත් වෙයි.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව එම මාසයේ ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව නම් කරනු ලබනවා. එය හඳුන්වනු ලබන්නේ ICC Player Of Month ලෙසයි.

ඒ ICC විශේෂ විනිසුරු මඩුල්ලකගේ සහ ක්‍රිකට් රසිකයන් ලබා දෙන Online Votes මගිනි.

ඒ අනුව පසුගිය මැයි මාසයේ විශිෂ්ටතම දස්කම් දැක්වූ ක්‍රීඩකයින් තිදෙනා ලෙසට ICC ය නිර්දේශ කරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙපළක් වන පසුගිය බංග්ලාදේශ තරග සංචාරයේදී පළමු තරඟය සහ දෙවන තරඟය යන තරග ද්විත්වයේම ශතක රැස් කරන ලද ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සහ දෙවන තරගයේදී කඩුලු 10ක් බිඳ හෙළන ලද අසිත ප්‍රනාන්දුයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව එම තරඟාවලිය පුරාවට ඉතා හොඳින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩක Mustafiqur Rahaman මෙම ක්‍රීඩක ත්‍රිත්වයට තුළත් වූ අනෙක් එකම විදෙස් ක්‍රීඩකයා වුවා.

ඒ අනුව මෙම ක්‍රීඩකයන් තිදෙනා වෙනුවෙන් Online මනාප පළ කිරීම විවර වූ අතර ඒ අනුව ICC විශේෂ විනිසුරු මඩුල්ලේ සහ ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ මනාප මගින් පසුගිය මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් තේරී පත් වූ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මිට සුළු මොහොතකට පෙර දැනුම් දෙනු ලැබුවා.

මෙම ICC Player Of Month සම්මානය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ලැබුන ප්‍රථම අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්. එමෙන්ම මැයි මාසයේ ක්‍රීඩිකාව ලෙස පකිස්තානු ක්‍රීඩිකා Tuba Hassan නම් වුනා.

මාසයේ ක්‍රීඩකයා ලෙස නම් කිරීම පිළිබඳව මැතිව්ස් ප්‍රකාශ කළේ, “මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා වීම ගැන මම අතිශයින් ගෞරවයට හා සතුටට පත්වෙනවා. මෙම සම්මානය සඳහා ඉදිරියෙන්ම සිටි අසිත ප්‍රනාන්දු සහ Mushfiqur Rahim දෙපලටත් මම සුබ පතනවා. ”

“අවස්ථාව ගැන මම කෘතඥ වෙනවා වගේම හැමදාමත් වගේ මාව විශ්වාස කරලා මට සහයෝගය දෙන සර්වබලධාරි, මගේ කණ්ඩායමේ සගයන්, සහය කාර්ය මණ්ඩලය සහ රසික රසිකාවියන්ට මම ස්තූතිවන්ත වෙනවා. මම මෙය ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කැප කිරීමට කැමතියි. අපි කවදාවත් විශ්වාස කිරීම නවත්වන්න එපා. .”

යනුවෙන් ඔහු අදහස් දැක්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7