Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාව පරාජය කිරීමේ සැළසුම් රැසක් සමග ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ සංචිතය නම් කරයි.!

එළඹෙන ජනවාරි මස 16 වන දින සිට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සිම්බබ්ව්වේ ක්‍රිකට් කණ්ඩායම එළඹෙන 9 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

එම ශ්‍රී ලංකා සංචාරය සඳහා වන වන සිම්බාබ්වේ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙන අතර මෙම තරගාවලියේ දී ද සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය ක්‍රෙයිග් අර්වින්ට පැවරී ඇති බව එරට ක්‍රිකට් අය්තනා සිදු කල නිවේදනයේ සඳහන් වනවා.

අර්වින් පළමු වරට සිමබබ්වේ කණ්ඩායමේ නායකත්වය දැරුවේ පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වුණු අයර්ලන්තය හා ස්කොට්ලන්ත තරග සංචාරවලදී වන අතර ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සිම්බාබ්වේ සංචිතයට මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති ආරම්භක පිතිකරු Takudzwanashe Kaitano හා කඩුලු රකින ක්‍රීඩක Clive Madande නම් කර තිබෙනවා.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක Tino Mutombodzi යළි සංචිතයට කැදවීමට ද තීරණය කර ඇති බව එරට ක්‍රිකට් ආයතනය කල නිවේදනයේ සඳහන් වනවා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් තරග 3කින් යුත් ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය ලබන 16,18 හා 21 යන දිනවලදී මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර මිට පෙර 2017 වසරේ ශ්‍රී ලංකව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති එක්දින තරඟාවලිය ජය ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉතිහාසයේ ප්‍රථමවරට එක්දින තරඟාවලියක් ජය ගැනීමටද සමත් වුවා.

සිම්බාබ්වේ කණ්ඩායම අද(8) දිනයේ දී ශ්‍රී ලංකාව බලා පිටත් වන බව ද එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ශ්‍රී ලංකාවට එරෙහිව නම් කල සිම්බාබ්වේ සංචිතය,

Ervine Craig (c), Burl Ryan, Chakabva Regis, Chatara Tendai, Jongwe Luke, Kaitano Takudzwanashe, Madande Clive, Madhevere Wessly, Masakadza Wellington, Mutombodzi Tinotenda, Muzarabani Blessing, Ngarava Richard, Raza Sikandar, Shumba Milton, Williams Sean

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7