Cricket NewsEXCLUSIVEInternational

කාසියේ වාසිය පරාජය වීම වෙස්වලාගත් ආශිර්වාදයක් වෙමින් පළමු සැසිය අවසන් වන විට බංග්ලාදේශ පිතිකරණ ලැයිස්තුවෙන් හරි අඩක් ක්‍රීඩාගාරයේ අසුන් වල !

Sri Lanka players appeal successfully for a wicket, Bangladesh vs Sri Lanka, 2nd Test, Dhaka, Day 1, May 23, 2022

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරඟයේ පළමු දිනය වූ අද දිනයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල බංග්ලාදේශ නායක මොමිනුල් හක් මුලින්ම පිතිකරණයේ යෙදෙන්නට තීරණය කලේය.එම තීරණය මත එතරම් වරදක් පෙනෙන්නට නොතිබූයේ ඩකා තණතීරුවේ අවසන් ටෙස්ට් තරඟ නවයේම කාසියේ වාසිය දිනාගත් නායකයින් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කර සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබූ බැවිනි.

Tamim Iqbal shadow-bats as Allan Donald looks on, Bangladesh vs Sri Lanka, 2nd Test, Mirpur, May 22, 2022

වෙනදාට වඩා ඩකා තණතීරුවේ තණකොල තරමක් ඝණව වැවී තිබුණු අතර එය ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් දෙදෙනාට සාර්ථක ප්‍රතිඵල අත්කරදීමට එතරම් වෙලා ගත වූයේ නැත.ක්‍රීඩාංගණය හරහා හමාගිය විශාල සුළං ධාරාව අමතර වාසියක් අසිත ප්‍රනාන්දුට හා කසුන් රාජිතට කල් තියා නිර්මාණය කර දුන්නේය.ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනා තණතීරුවෙන් ලද සහයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් හොඳින් පන්දුව දෝලනය කල බවක් පෙනෙන්නට තිබුණි.

Kasun Rajitha rattled the Bangladesh line-up on the first morning, Bangladesh vs Sri Lanka, 2nd Test, Dhaka, Day 1, May 23, 2022

තරඟයේ යොමුකල දෙවැනි පන්දුවෙන්ම ආරම්භක පිතිකරු මහ්මදුල් හසන් ජෝයි ගේ ඉනිම නිමා කරන්නට කසුන් රාජිත සමත් විය.මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 24 ක් වන විට රාජිත අසිත සුසංයෝගය එක්ව බංග්ලාදේශයේ මුල් පෙල පිතිකරුවන් පසෙ දෙනෙකු ක්‍රීඩා ගාරය වෙත හරවා යවා තිබුණි.

When Asitha Fernando got rid of Mominul Haque, Bangladesh were 16 for 3 in the sixth over, Bangladesh vs Sri Lanka, 2nd Test, Dhaka, 1st day, May 23, 2022

දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 66 ක් රැස් කරගෙන සිටියේය.නොදැවී කඩුල්ලේ රැඳී සිටින මුශ්ෆිකර් රහීම් ලකුණු 22 ක් හා ලිටන් දාස් ලකුණු 26 ක් රැස් කරගෙන සිටී.

පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 3 ක් හා අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ හෙළුවේය.දඟ පන්දු යවන්නන්ට එතරම් සහනයක් තණතීරුවෙන් ලැබෙන බවක් දක්නට නොලැබෙන මුත් ප්‍රවීන් ජයවික්‍රම එක් අන්තයකින් හොඳින් පන්දු යවමින් සිටින ආකාරයක් පෙනෙන්නට තිබේ.

Kasun Rajitha sent back three of Bangladesh's top-five batters, Bangladesh vs Sri Lanka, 2nd Test, Dhaka, 1st day, May 23, 2022

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7