Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා ක්‍රිකට් වංශකතාවේ කිරුළු නොපැලදු නායකයෙක් හා පන්දු යවන්නෙක් වන සුරංග ලක්මාල් ගැන ක්‍රිකට් රසිකයෙක් තැබු සටහන.

Suranga Lakmal to retire from International Cricket - NewsWire

ශ්‍රී ලංකාවේන් බිහි වෙච්ච සුපිරිම වේග පන්දු යවන්නෙක් ලෙස Suranga Lakmal ව අපට හදුන්වන්න පුළුවන්.

Suranga Lakmal කියන්නේ මෑත කාලිනව Test තරගවල අපේ වේගපන්දු බළඇනියේ පෙරමුණ ගත් ප්‍රාධානියානේ. ඔහු ප්‍රථමයෙන්ම ජාත්‍යන්තර පිටියට පිවිසෙන්නේ 2009 දී ඉන්දියාව සමගය. ඔහු තම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ආරම්භ කරන්නේ එක්දින පිටියෙන්ය. ඒ වගේම ඔහු ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ටෙස්ට් වරම් හිමි කරගන්නේ 2010 වසරේදී කොදෙව්වන්ට එරෙහිවයි. ඒ වගේම ගොඩාක් අයට අමතක කාරනයක් තමයි Lakmal 2009 දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් හීදී එල්ල කර ත්‍රස්තවාදී ප්‍රහාරයට පවා ලක්වෙච්ච ක්‍රීඩකයෙක් කියලා. තව ටික දවසකින් ඔහු සියලුම ජාත්‍යන්තර තරග වලින් සමුගැනීමට නියමිතයි. මන් හිතුවා ඒක නිසා ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ අවුරුදු 13 ට කරපු දේවල් ඔබ සමග බෙදාගන්න.

Test M Inn Wkts Ava 5/10wi
68 119 168 36.3   04/-
ODI 86 84 109     32.2 –

Suranga Lakmal the bowler and batsman | Daily News

Lakmal කියන්නේ එදා ඉදන් තම කාර්ය නිහඩව කරපු කෙනෙක්. ඇත්තටම ලක්මාල් කියන්නේ අපි වැඩිය කතා නොවුනට එක්දින තරග වලත් හොදින් දස්කම් දක්වලා ඇති ක්‍රීඩකයෙක්. මට මතකයි Sa සමග පැවති තරග්‍යකදි අවසන් පන්දුවාරයට ලකුණු 08 ක් බේරා ශ්‍රී ලංකාවට තරගය් දිනා දුන්නු හැටි. නමුත් මන් කැමතියි ඔහුගේ ටෙස්ට් පිටියේ ඔහු එක එක රටවලට එරෙහිව දක්වපු දක්ෂතා ගැන බලන්න.
M inn wkt Ava 5Wi
Vs Australia       06 09 15 37.9 01
Vs W.indies       09 15 24 24.5 01
Vs England        11 18 17 58.9 –
Vs India             04 06 10 46 –
Vs Bangla         09 18 21 33.38 –
Vs NZ               08 14 20 39.0 01
Vs S.Africa        09 15 24 30.3 01
Vs Pakistan      08 15 19 42.63 –
Vs Zim             05 10 17 28.05 –

*ලක්මාල් ඔහුගේ ටෙස්ට් දිවියේ බොහෝ සාර්ථක වී ඇත්තේ කොදෙව්වන්ට එරෙහිව කිව්වොත් නිවැරැදියි. ඒ වගේම සිම්බාම්බේ, දකුණු අෆ්‍රිකාව සහා බන්ගලාදේශයට එරෙහිව හොද සාමාන්‍යක් සහිතව හොද දක්ෂතා ඔහු දක්වා ඇත. ඒ වගේම් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, යන රටවල් වලටද ඔහුගේ දක්ෂතා දක්වා ඇත.නමුත් ඔහු එන්ගලන්තය, ඉන්දියාව සහා පකිස්ථානය යන රටවල් වලට එතරම් ලොකු සාර්ථකත්වයක් දක්වා නොමැත. නමුත් ඉන්දියා, පකිස්ථාන තරග වලදි නම් දගපන්දු යවන්නන්ට උචිත තණතීරු නිසා වෙග පන්දු යවන්නන්ට ගොඩාක් එම පිච් වල සාර්ථක වීමට නොහැකි වන්න පුළුවන්.

Sri Lanka Pacer Suranga Lakmal To Retire After India Tour | Cricket News

*ඒ වගේම අපි බලමු ලක්මාල් Home/Away දක්ෂතා.
M Inn Wkt Ava 5/10WI
Home 27 44 38 47.5 –
Away 35 63 114 32.3 04/-
Neutral 07 13 17 38.8 –

Lakmal ගේ Away දක්ෂතා වලින් කියන්න පුළුවන් ඔහු මොන තරම් විශිෂ්ටද කියලා. නැත්නම් එම තණතීරු වල කඩුලු ගැනීම එච්චර ලේසී පහසු කාර්‍යක් නොවේ. ඔහුගේ Home දක්ෂතා නම් සාපේක්ෂව මදියි. නමුත් ශ්‍රීලංකාවේ තණතීරු වල වේගපන්දු යවන්නෙක්ට කඩුලු ලබාගැනිම එතරම් පහසු කාර්‍යයකුත් නොවේ. මොකද තණතීරුවද දගපන්දු යවන්නන්ට උචිත වන නිසාත්, වේගපන්දු යවන්නන්ට පන්දු යැවීමට වැඩියෙන් නොදෙන නිසාවේනී.

*Lakmal 5 Wicket hauls 4ක්ම ලබා ගැනීමට සමත් වී ඇත.ඔහු එම 04 ලබාගෙන ඇත්තේ Away pitch වලය.

*ඒ වගේම ලක්මාල් නායකයෙක් ලෙසද ශ්‍රී ලංකාව නියෝජනය කර එයින් තරග 03ක් ද ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කර දීමටද ඔහුගේ නායකත්වයට පුළුවන් විය.

ඉතින් ශ්‍රී ලංකාවේන් බිහි වී මෙරටට බොහෝ සේවාවක් කල Suranga Lakmal ඔබතුමාට මේ රට වෙනුවෙන් කල සේවයට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ලෙස අප ඔබට සදා ණයගැතියි. සහා ඔබගේ ඉදිරි ගමනට සුභ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7