Cricket NewsEXCLUSIVE

ඉතිහාසය වෙනස් කල අවසන් අයිපීඑල් ඉනිම් 9 !

ඉතිහාසය වෙනස් කල අවසන් අයිපීඑල් ඉනිම් 9 !

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසය මේ දිනවල ඉතාමත් තියුණු මුහුණුවරක් ගෙන තිබෙනවා.කෙසේ නමුත් ප්‍රේක්ෂකයින් හට ඉහළ වින්දනයක් ලබාදෙන්නට තැනෙන්නේ අතිශය වේගවත් තණතීරු.

කෙසේ නමුත් සක්‍රීය ක්‍රීඩකයින් නම් මේ පිළිබඳව දරන්නේ එතරම් හොඳ මතයක් නම් නොවේ.ක්‍රීඩාවේ ගුණාත්මක බව දැඩි ලෙස අඩු වීමට මෙය බලපානු ඇති බවයි ඔවුන් ගේ මතය වී තිබෙන්නේ.

අවසන් අයිපීඑල් ඉනිම් 9 තුල අවස්ථා 8 කදී ලකුණු 200 සීමාව කණ්ඩායම් පසුකර ගොස් තිබේ.එමෙන්ම 2008-2023 තරඟාවලි ආරම්භක කාල සීමාව තුල අවස්ථා එකකදී පමණක් ලකුනු 250 සීමාව පසුකල ඉනිමක් දක්නට ලැබුණු අතර මෙවර තරඟාවලියේදී අවස්ථා 9 ක් තුල එම කඩයිම කණ්ඩායම් පසු කර ගොස් තිබේ.

සම්පූර්ණයෙන්ම පිතිකරුවන්ට ඉහළ වාසිදායක තත්වයන් මත තණතීරු සැකසීම අද වන විට ඉන්දීය ප්‍රිමියර් ලීගයේ සුලභ දසුනක්.

පිත්තත් පන්දුවත් අතර සමබර තරඟයක් ලෙසින් ක්‍රීඩාව ඉතා ඉහළ වින්දනයක් ලබාදෙන්නට මීට පෙර කාලයේදී සමත් වීම ඉතා ප්‍රශංසනීය කරුණක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button