Cricket NewsEXCLUSIVEPremier LeagueWPL

අයි­පී­එල් කාන්තා කිරුළ දිනූ මන්ද­නාගේ රෝයල් චැලෙ­න්ජර්ස් බැංග­ලෝර් කණ්ඩා­ය­මට කෝටි 22ක්

ඉන්දීය ප්‍රිමි­යර් ලීග් කාන්තා ක්‍රිකට් ලීගයේ (WPL) ශූරි­යන් ලෙස කිරුළු පැලඳි රෝයල් චැලෙ­න්ජර්ස් බැංග­ලෝර් කණ්ඩා­ය­මට ඉන්දීය රුපි­යල් කෝටි 6ක් (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 22ක්) සමඟ කුස­ලා­නය පිරි­නැ­මෙයි. ඉන්දීය සුපිරි පිති­කා­රි­නියක් වූ ශ්‍රීමතී මන්ද­නාගේ නාය­ක­ත්ව­යෙන් යුත් රෝයල් චැලෙ­න්ජර්ස් බැංග­ලෝර් කණ්ඩා­යම විසින් අව­සන් මහා තර­ග­යේදී දිල්ලි කැපි­ටල්ස් පිල කඩුලු 8ක ජයක් හිමි­කර ගත්තේය.

දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාං­ග­ණ­යේදී පෙරේදා (17) රාත්‍රියේ පැවැති මෙම තර­ගයේ පළ­මු­වෙන් පන්දු­වට පහ­ර­දුන් දිල්ලි කැපි­ටල්ස්ට පන්දු­වාර 18.3කදී සියලු දෙනා දැවී ලකුණු 113ක් රැස්කළ අතර, බැංග­ලෝර් ක්‍රීඩි­කාවෝ තර­ගයේ අව­සන් ඕව­ර­යේදී (19.3) කඩුලු 2ක් දැවී  ජය­ග්‍ර­හ­ණය වාර්තා කළහ. නායිකා ශ්‍රීමතී මන්දනා ලකුණු 31ක් හා සොපී ඩ්වයින් ලකුණු 32ක් හා එලි­යිස් පෙරී නොදැවී ලකුණු 35ක් ලබා ගත්හ.

වසර 16ක අයි­පී­එල් තර­ගා­වලි ඉති­හා­සයේ බැංග­ලෝර් පිරිමි කණ්ඩා­ය­මට මේ දක්වා කිරු­ළක් දිනා නොමැති පසු­බි­මක කාන්තා පිල පළමු ශූර­තාව දිනා ගැනී­මට සමත් විය.

තර­ගයේ දක්ෂ­තම ක්‍රීඩි­කාව ලෙස ලෙස දිල්ලි කණ්ඩා­යමේ කඩුලු 3ක් ලකුණු 20කට දවා­ගත් සොපී මොලි­නුක්ස් සම්මාන දිනා­ගත් අතර, තර­ගා­ව­ලියේ ක්‍රීඩි­කා­වට හිමි සම්මා­නය ලකුණු 295ක් හා  කඩුලු 10ක් බිඳ හෙලූ වොරි­යර්ස් කණ්ඩා­යමේ දීප්ති ශර්මා දිනා ගත්තාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button