Cricket NewsEXCLUSIVEInternational

ප්‍රභල එංගලන්තය දණ ගස්වමින් ඔස්ට්‍රේලියාව ලකුණු 275ක දැවැන්ත ජයක් වාර්තා කරමින් ටෙස්ට් ශුරතාවලියේ ශ්‍රී ලංකාව හා සම වෙයි.!

මේ දින වල එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බඳුන කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 275ක දැවැන්ත ජයක් අත්කර ගන්නට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුණා.

ඒ තරගාවලියත් තරග 2-0ක් ලෙස පෙරෙමුණ ගනිමිනි.

තරගයේ පළමුව පන්දුවට පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 9කට ලකුණු 473ක් රැස්කර ගත් අතර මානර්ස් ලැබූෂ්නේ ලකුණු 103ක් ලබාගත්තා. ඩේවිඩ් වෝනර් රැස්කර ගත් ලකුණු 95ක් හා ස්ටීවන් ස්මිත් රැස්කර ගත් ලකුණු 93ක් ඔස්ට්‍රේලියානු ඉනිමට අන්තර්ගත වී තිබුණා.

පන්දු යැවීමේ දී සාර්ථක වූ එංගලන්ත පන්දු යවන්නා වූ බෙන් ස්ටෝක් ලකුණු 113 කට කඩුලු 3ක් දවාගත්තා.

ජයග්‍රාහී ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 84.1ක් තුළ දී ලකුණු 236කට දවා ගන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

එංගලන්තය වෙනුවෙන් සටන්කාමී පිති හරඹයක නිරත වූ ඩේවිඩ් මාලන් ලකුණු 80ක් ලබාගත් අතර ජෝ රූට් ලකුණු 62ක් රැස්කළා.එංගලන්ත ඉනිමට ප්‍රබල ම තර්ජනයය එල්ල කළ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නා වන මිෂෙල් ස්ටාර්ක් ලකුණු 37කට කඩුලු 4ක් දවා ගත් අතර, නේදන් ලියොන් ලකුණු 58 කඩුලු 3යි.

දෙවෙනි ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉනිම කඩුලු 9කට ළකුනු 230ක් ලබා සිටිය දී අත් හිටුවන්නට ඔස්ට්‍රේලියානු නායකයා තීරණය කළා.ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ දී මානර්ස් ලැබූෂ්නේ සහ ට්‍රැවිස් හෙඩ් දෙදෙනා ලකුණු 51 බැගින් රැස් කලා.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී ඔලේ රොබින්සන්, ජෝ රූට් සහ ඩේවිඩ් මාලන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඒ අනුව ලකුණු 468ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 192කට නවතාලන්නට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණේ, තරග 5කින් සමන්විත අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග දෙකට බිංදුවක් ලෙස ඉදිරියට යමින්.

එංගලන්ත කන්ඩායමේ දෙවැනි ඉනිමේ දී ක්‍රිස් වෝක්ස් ලකුණු 44ක ක් ලබාගත් අතර රෝයි බර්න්ස් ලකුණු 34 ක් ලබාගත්තා.කෙසේ වෙතත් මෙහි දී වඩාත් කතා බහට ලක් වූයේ එංගලන්ත කන්ඩායමේ ජොස් බට්ලර් ලබාගත් ලකුණු 26යි.

අනෙක් අන්තයේ කඩුලු එක පිට එක බිඳ වැටෙද්දී බට්ලර් පන්දු 207 තුළ ලකුණු 26ක් රැස් කර ගත්තේ, ඕස්ට්‍රේලියානුවන්ගේ ජයග්‍රහණය පමා කරමිනි.

කෙසේ වෙතත් තමන් විසින් ම තම කඩුල්ල බිඳ දැමීම හේතුවෙන් ඔහු දැවී ගියේ, ඕස්ට්‍රේලියානුවන්ට පහසු ජයග්‍රහණයක් කරා මාර්ගය විවෘත කර දෙමින්.

පන්දු යැවීමේ දී එංගලන්තයේ කඩුලු 5කට වගකිවූ ජේ.රිචර්ඩ්සන් ඒ සඳහා ලබා දී තිබුණේ, ලකුණු හතළිස් දෙකක් පමණයි.මේ හැරුණු විට මිචෙල් ස්ටාර්ක් සහ නේදන් ලියොන් අතර කඩුලු 2 බැගින් බෙදී ගොස් තිබුණා.

තරගයේ වීරයා සම්මානය මානර්ස් ලැබූෂෙන් හට හිමි වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7