Cricket NewsEXCLUSIVE

විරාට් කෝලි, ඩේවිඩ් වෝනර් අභිබවමින් දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි වේගයෙන් ඉදිරියට.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අද නවතම ICC ශ්‍රේණිගත කිරීම් එලිදක්වනු ලැබුවා.

පසුගිය තරඟාවලි තුලදී දැක්වූ දස්කම් මත ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පළමු දස දෙනා අතරට පිවිසුන්නෙට අද දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ඩීන් එල්ගර් සමත් වීම ජාත්‍යන්තරයේ දැඩි කතා බහට ලක්වූ කරුණක් වූ අතර විරාට් කෝලිගේ අඛණ්ඩ පසුබෑම හේතුවෙන් ඔහු ශ්‍රේණිගත කිරීම්හි 9වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

කෙසේනමුත් නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ඔස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් අභිබවා යමින් 6 වැනි තැනට පත් වන්නට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමත් වී තිබෙනවා.

දිමුත් සිය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉහලම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට ද සමත් වූ අතර ඒ ප්‍රසාද ලකුණු 754 ක් ලබාගනිමිනි.

තව දුරටත් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගන්නට ඔස්ට්‍රේලියානු සුපිරි ටෙස්ට් පිතිකරු මානස් ලැබුස්වේන් සමත් ව ඇති අතර එංගලන්ත නායක ජෝ රූට් හා ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත් නවතම ශ්‍රේණිගත කිරීම්හි පිළිවෙලින් දෙවන හා තෙවැනි තැන ලබාගන්නට සමත් වී ඇත.

නවතම ටෙස්ට් ප්‍රසාද ලකුණු සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7