Cricket NewsEXCLUSIVELPL

පාකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයාට සිදු වූ කුරිරු සිදුවීම නිසා, LPL තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්ථාන ක්‍රිඩකයන්ට විශේෂ ආරක්ෂාවක්.!

සුපිරි ක්‍රිකට් තරු පිරිවරා, ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රිකට් සැණකෙලි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹීමට නියමිතය.

තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව ඇත්තේ පසු ගිය වසරේ ශුරයන් බවට පත් වූ තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ අනුශුරයන් බවට පත් වූ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

මේ අතර මෙවර LPL 2021 තරඟාවලිය නියෝජනය සඳහා පාකිස්තානයෙන් පැමිණ සිටින ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සඳහා වැඩි ආරක්ෂාවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ දිනයේ පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතාව ම්ලේ*ච්ඡ ලෙස ගා_තන_ය කර ගිනි තැ බීමේ සිදුවීමට ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම වැඩි අවධානයකට ලක්ව තිබීම නිසා පාකිස්තානු ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව වැඩි කිරීම කෙරෙහි ආරක්ෂක අංශ වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් උපදෙස් ලබා දී තිබෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග වැඩි දුරටත් වාර්තා කර සිටිනවා.

මෙම තරගාවලිය සඳහා පාකිස්තානය නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහ පුහුණු සහාය කාර්ය මණ්ඩලයට 20 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව වෙත පැමිණ සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7