Cricket GossipEXCLUSIVEIPL

“මතීශට තවම වයස අවුරුදු 20යි. මේක ලෝක ක්‍රිකට් වලට උද්යෝගිමත් දෙයක්” ඉයන් බිශොප්

වත්මන් විස්සයි විස්ස රාමුව තුල තිබෙන ප්‍රමුඛතම හා ඉහළම මූල්‍යමය වත්කම් සම්භාරයකින් සමන්විත වූ ලීගයට සත්කාරකත්වය ලබාදෙන්නේ ඉන්දියාවයි.එම ලීගය තුල දීර්ඝ කාලීන ක්‍රිකට් දිවියකට හිමිකම් කීවේ ක්‍රීඩකයින් අතලොස්සකටත් අඩු ප්‍රමාණයක්.

කෙසේ නමුත් මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අතර තුර වැඩිම අවධානය දිනාගත් විදෙස් යොවුන් ක්‍රීඩකයා වන්නේ මතීශ පතිරණයි.චෙන්නායි කණ්ඩායම වසර ගණනාවකට පසු නියෝජනය කිරීමට වරම් ලද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනාගෙන් අයෙකු වන ඔහු පිළිබඳව විස්තර විචාරක ඉයන් බිශොප් සඳහන් කලේ මෙවන් අදහසක් .

“මතීෂ පතිරණගේ දක්ෂතා ගැන අපි ගොඩාක් කතා කලා. තව අවුරුදු 3කින් ඔහු ක්‍රීඩා කරන ආකාරය දකිනකල් මට ඉවසිල්ලක් නැ.. මොකද ඔහු දැන් මේ තරම් හොදට පන්දු යවනවා නම් ඔහුගේ ශරීරය සහ ඔහුගේ දක්ෂතාවය ගැන තව ටිකක් අවබෝධ වෙනවිට ඔහුට හොද ශාරීරික යෝග්‍යතාවයකින් ඉන්න පුළුවන් නම් තව අවුරුදු 3ක් 4ක් ඇතුලත ඔහු කෙසේ ක්‍රීඩා කරාවිද කියලා හිතන්න. මතීශට තවම වයස අවුරුදු 20යි. මේක ලෝක ක්‍රිකට් වලට උද්යෝගිමත් දෙයක්..” යනුවෙන් ඔහු එහිදී කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7