Cricket NewsEXCLUSIVE

තෙවරක් උතුරේ රජවරුන්ට කිරුළු තනා දුන් තිලිණ කණ්ඩම්බි Jaffna Kings හැරයයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ පළමු ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගයේ ජයග්‍රාහී නායකයා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ සාර්ථකම ෆ්‍රැන්චයිස් ලීගයේ පළමු ජයග්‍රාහී පුහුණුකරුවා වූයේ තිළිණ කණ්ඩම්බි ය .

LPL ඉතිහාසයේ පළමු තරඟාවලි තුනම ජයග්‍රහණය කරන්නට Jaffna Kings සමත් වද්දී එම අවස්ථා තුනෙහි දීම Jaffna කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරුවා වූයේ ඔහුයි.

කෙසේ නමුත් අද තිලිණ කණ්ඩම්බි Jaffna Kings පුහුණු කාර්ය මණ්ඩලය හැර යන බව ඔවුන් සඳහන් කර සිටියා.ඒත් සමඟින් තරඟ සංස්කරණයන් හතරක් පුරාවට Jaffna Kings කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූ ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button