Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු පියවීමට රුපියල් මිලියන 718 ක ආධාරයක් ලබා දෙයි.

Shammi Silva re-elected as President of Sri Lanka Cricket | Daily News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු පියවීමට රුපියල් මිලියන 718 ක ආධාරයක් ලබා දෙයි.

මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් ප්‍රකාශ කළා.

එම ප්‍රකාශනය පහතින්,

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මෙරට සෞඛ්‍ය අංශයට ඩොලර් මිලියන 2 ක පරිත්‍යාගයක් අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහය වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩොලර් මිලියන 2 ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ළමුන් සඳහා ළමා ප්‍රතිකාර සඳහා අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ‘රිජ්වේ ආර්යා ළමා රෝහල’ වෙත ඇමරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කෙරේ.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ‘The National Cancer Hospital’ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කෙරේ. “රටට අවශ්‍ය මේ මොහොතේ මෙම පරිත්‍යාගය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතිශයින් සතුටට පත්වන අතර මෙම අභියෝගාත්මක අවස්ථාවන් ජය ගැනීම සඳහා අපේ ජාතියට අපගේ උපරිම සහයෝගය ලබා දෙන්නෙමු,” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හි ගරු සභාපති ෂම්මි සිල්වා මහතා පැවසීය.

”එම ආධාරවල හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන එම මුදල් වහාම අදාළ ආයතනවල නිලධාරීන් වෙත පරිත්‍යාග කෙරේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ අපගේ ක්‍රීඩකයින්ට සහය දක්වන අපගේ ජනතාවට, සෑම විටම කොන්දේසි විරහිතව සහය වීමට ප්‍රසිද්ධ ක්‍රීඩා සන්නාමයක් ලෙස ඉදිරිපත් වීම අපගේ වගකීමක් බව අපට හැඟෙනවා,” යන්නෙන් ශ්‍රී ලංකා ගරු ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

ඊයේ (මැයි 24) රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම පරිත්‍යාගය අනුමත කර ඇත .

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button