Cricket NewsEXCLUSIVETrending Article

ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශකතාවේ ස්වර්ණමය පරිජ්ජේදය නැවත ප්‍රතිනිර්මාණය කරන දසුන්-භානුක සුසංයෝගය.!

යොවුන් ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මේ වන විට ක්‍රිකට් ලෝකයේම අවධානය දිනා ගෙන ඇති බව නොරහසක්

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් තිබු පසුබැස්මෙන් මේ වන විට වේගයෙන් පිබිදෙමින් සිටින අතර දසුන් ශානකගේ නායකත්වයත් සමගින් මේ ගෙවුනු වසරක කාලයකට ශ්‍රී ලංකා ක්‍රිකට් හිමිකරගත් දේ බොහෝය.

ආසියානු ක්‍රිකට් දැවැන්තයන් එක පෙළට පරාජය කළ යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශුරයන් ලෙස කිරුළු පළඳිමින් ක්‍රිකට් ලෝකයටම ලබා දුන්නේ තමන් නැවතත් පැමිණ තිබෙන බවේ පණිවිඩයයි.

වර්තමාන සීමිත පන්දුවාර ශ්‍රී ලංකා කණ්ඩායම් හි සිටින අත්දෑකීම් බහුලම ක්‍රිකට් තිදෙනා වන්නේ දසුන් ශානක, භානුක රාජපක්ෂ සහ දුෂ්මන්ත චමීරයි. අනෙක් සියලු ක්‍රිඩකයන් වයස 21 – 26 සීමාවේ පසුවන අතර දසුන් ශානක, භානුක රාජපක්ෂ සහ දුෂ්මන්ත යන්තම් වයස 30 පසු කරවූ ක්‍රිඩකයන් තිදෙනා වන අතර ඔවුන්ගේ ද වයස තවමත් 30ක් පමණි.

පසුගිය ආසියානු කුසලාන තරඟාවලිය දුෂ්මන්ත චමීරට මග හැරුනත් භානුක සහ දසුන් යොවුන් ක්‍රිඩකයන්ට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් ඔවුන්ගේ දිශානතිය සුභ දායක අතට හැරවීමට සිය උපරිම කැපකිරීම් දියත් කලේය.

දසුන් ශානක සහ භානුක රාජපක්ෂ සුසංයෝගය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අතිශය සුබවාදී ලෙස බලපෑම් කරන ආකාරය දක්නට ලැබේ. මෙවර පැවැත්වීමට නියමිත LPL තරඟාවලියේ ද Galle Gladiators කණ්ඩායමේ නායකත්වය අතහැර දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල කණ්ඩායමට එක් වීමට භානුක රාජපක්ෂ කටයුතු කළා. එමෙන්ම ‍ක්‍රිකට් ක්‍රීඩාව වේගවත්ම ආකෘතිය ලෙසින් සලකන Abu-Dubai T10 තරගාවලියේ දී ද භානුක සහ දසුන් දෙදෙනාම නියෝජනය කරනු ලබන්නේ Chennai Braves කණ්ඩායමයි.

භානුක සහ දසුන් සුසංයෝගය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්ව තිබෙන අතර යොවුන් ක්‍රිඩකයන්ට නිසි මාර්ගය පෙන්වමින් ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශකතාවේ ස්වර්ණමය පරිජ්ජේදයක් නැවත ලීවිමේ භාරදූර කාර්යය ඔවුන් විසින් ඉටු කරමින් සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7