Cricket NewsEXCLUSIVEInternationalUnder-19Woman Cricket

මනු­දිගේ නාය­ක­ත්ව­යෙන් ශ්‍රි ලංකා යොවුන් කාන්තා පිල බංග්ලා­දේ­ශ­යට

බංග්ලා­දේ­ශයේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවැ­ත්වෙන තුන්කොන් ක්‍රිකට් තර­ගා­ව­ලි­ය­කට සහ­භා­ගි­වීම සඳහා ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම පෙරේදා (20) පිටත්ව ගියේය.

මොර­ටුව වේල්ස් කුමරි විදු­හලේ ක්‍රීඩිකා මනුදි නානා­ය­ක්කා­රගේ නාය­ක­ත්ව­යෙන් මේ සංචා­ර­යට එක්වන කණ්ඩා­ය­මට ක්‍රීඩි­කාවෝ 15 දෙනකු එක්ව සිටිති.

මාතර අනුර විදු­හල් ක්‍රීඩිකා රශ්මිකා සෙව්වන්දි කණ්ඩා­යමේ උප­නා­යි­කාව ලෙස නම් කර ඇති අතර, ජාතික කණ්ඩා­යම නියෝ­ජ­නය කරන ආර­ම්භක පිති­කා­රිනි විශ්මි ගුණ­රත්න ද මේ සංචි­ත­යට එක්ව සිටී.

සත්කා­රක බංග්ලා­දේ­ශය, ශ්‍රී ලංකාව සහ පාකි­ස්තාන යොවුන් කාන්තා පිල එක්වන මේ තුන්කොන් තර­ගා­ව­ලිය අනිද්දා (24) කොක්ස් බසා­ර්හිදී ආරම්භ වෙයි. මේ කණ්ඩා­යම් 3 මූලික වට­යේදී දෙව­රක් එකි­නෙකා සමඟ තරග වදින අතර, ප්‍රසාද ලකුණු සට­හනේ ඉහ­ළම ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩා­යම් පෙබ­ර­වාරි 2 වැනිදා අව­සන් මහා තර­ග­යට එක් වෙයි.

තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් පළමු දිනයේ ශ්‍රී ලංකාව සහ බංග්ලා­දේ­ශය තරග වදින අතර, 25 වැනිදා ශ්‍රී ලංකා පිල පාකි­ස්තා­න­යට එරෙ­හිව තරග බිමට පිවි­සෙයි. යළිත් 28 සහ 30 වැනිදා පිළි­වෙ­ළින් බංග්ලා­දේ­ශ­යට සහ පාකි­ස්තා­න­යට එරෙ­හිව ශ්‍රී ලංකාව තරග වැදී­මට නිය­මි­තය.

ශ්‍රී ලංකා යොවුන් කාන්තා සංචි­තය – මනුදි නානා­ය­ක්කාර (නායි­කාව), රශ්මිකා සෙව්වන්දි (උප­නා­යි­කාව), විශ්මි ගුණ­රත්න, සුමුදු නිසං­සලා (කඩුලු රකි­න්නිය), රශ්මි නේත්‍රාං­ජලී, රිස්මි සංජනා, සංජනා කාවින්දි, විශ්මි සවින්දි, අශානි කෞෂල්‍යා, විමෝක්ෂ බාල­සූ­රිය, යසන්ති නිම­න්තිකා, දහමි සනෙත්මා, ශෂිනි ගිම්හානි, නෙත්මි සේනා­රත්න සහ දෙව්මි විහඟා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button