Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකාව කියන්නෙ භයානක කණ්ඩායමක්, තරඟාවලිය පුරාවට ඔවුන් ලොකු සටනක් දුන්නා” – නායක Aaron Finch මාධ්‍ය හමුවේදී..

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුනු තරඟ 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ අද පැවති අවසන් තරඟය ජයග්‍රහණය කරමින් තරඟාවලිය ගෞරවාන්විතව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154 ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට ඕස්ට්‍රේලියානුවන් සමත් වුණා.

ඒ අනුව ලකුණු 155ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 19කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

මේ අතර තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඕස්ට්‍රේලියා විස්සයි-20 නායක Aaron Finch මෙම තරඟාවලියේ ශ්‍රී ලංකාව ක්‍රිඩා කල ආකාරය ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදී ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝකයේ භයානක කණ්ඩායමක් බවත් ඔවුන්ට එරෙහිව පිට පිට තරඟ 4ක් ජයග්‍රහණය කිරීමට ලැබීම ඉතා හොඳ දෙයක් බවත් ඔහු සඳහන් කළ සිටියා.

ඕස්ට්‍රේලියා නායක Aaron Finch ශ්‍රී ලංකාව ගැන මාධ්‍ය හමුවේදි කල ප්‍රකාශයේ සිංහල පරිවර්තනයක් පහතින්

“ශ්‍රී ලංකාව සමග මේ අවසන් වුනේ නියම තරඟාවලියක්, විශේෂයෙන්ම කියන්න ඕන ශ්‍රී ලංකාව කියන්නෙ භයානක කණ්ඩායමක්, ඔවුන්ට එරෙහිව තරග හතරක් නොකඩවා ජයග්‍රහණය කිරීමට ලැබීම හොඳ දෙයක්, තරඟාවලිය පුරාවට ඔවුන් අපිට හොඳ තරඟයක් දුන්නා..”

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7