Cricket NewsEXCLUSIVEInternational

“මතීෂ පතිරණට නෙට් එකේදී (පුහුණුවීම් අතරේ) මූණ දෙන එක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය” – ඇන්ජලෝ මැතිව්ස්

“මතීෂ පතිරණට නෙට් එකේදී (පුහුණුවීම් අතරේ) මූණ දෙන එක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය”

“එයා පන්දු යවන විදිහට හුඟාක් පිතිකරුවන්ට බෝලේ පේන්නේ නෑ. අනිත් එක ඒ එන වේගෙන්.. (දිගින් දිගටම පැයට කිලෝමීටර 150 ඉක්මවන වේගයක්) අත කෙලින් කරලා දැම්මත් මුහුණ දෙන්න අමාරුයි. ඒත් මෙහෙම එනකොට (අත පැත්තෙන් එන විට) හිතාගන්න පුළුවන් නේද කොයි තරම් අමාරුද කියලා” යයි රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී 19 වැනිදා පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් පසුව මැතිව්ස් පැවසීය.

මෙම තරගයේදී තරගයේ වීරයා වූ ඇන්ජලෝ මැතිව්ස් වැඩිදුරටත් කියා සිටියේ මතීෂ පතිරණ ඉදිරියේදී ක්‍රීඩා කරන ආකරය තමන් ආශාවෙන් බලා සිටින බවයි.

“එයා පුද්ගලික හිමිකම් ඇති කණ්ඩායම් වලටත් (විස්සයි-20 ලීග් ක්‍රිකට්) සෙල්ලම් කරලා, ඒ අත්දැකීම් අරගෙන, පොඩි කාලෙකදී ලොකු දුරක් ඇවිත් තියෙනවා. එයාට තාම වයස 21 යි. ඒත් තරගයක අවසන් ඕවරයකදී ලකුණු 12 ක් ආරක්‍ෂා කරගන්න කිව්වොත්, ඔහු තරග 10 කින් තරග 9 ක් හෝ 8 ක් දිනවලා දෙනවා. ඔහු ඒ තරම්ම අමාරු පන්දු යවන්නෙක්”

“අපි එයාව හොඳට බලාගන්න ඕනේ.. එයාගේ ශාරිරික යෝග්‍යතා වැඩසටහන් හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔහු ඉතාමත් හොඳ විනයක් තියෙන ක්‍රීඩකයෙක්.”

“මම හුඟක් ආසාවෙන් බලා ඉන්නවා ඔහු ඉදිරියේදී ක්‍රීඩා කරන විලාසය ගැන” යයි මැතිව්ස් කීවේය.

පසුගිය කාලයේදී මැතිව්ස් විස්සයි-20 කණ්ඩායමෙන් ඉවත් කර තිබුණේ ‘මන්දගාමී’ ලේබලය අලවමිනි. එහෙත් නව තේරීම් කමිටුවේ ආගමනයත් සමගින්, විස්සයි-20 පිටියේදී තමන්ට කළ හැකි දේ මේ යයි, මාස දෙකක් ඇතුළතදී මැතිව්ස් දෙවතාවක්ම පෙන්නුම් කළේය. සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයේදීත් පන්දු 38 කින් ලකුණු 46 ක් ලබා තරගයේ වීරයා වූ මැතිව්ස්, සඳුදා පන්දු 22 කින් ලකුණු 42 ක් ලබාගත්තා පමණක් නොව, ලකුණු 09 කට කඩුලු 2 ක් දවාගනිමින් යළිත් වතාවක් තරගයේ වීරයා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button