Cricket NewsEXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණයට වර්ෂාව හරස් වෙයි ! එංගලන්තයට අස්වැසිල්ලක් වූ වර්ෂාව හේතුවෙන් තරඟයේ පළමු සැසිය සේදී යයි !

මෙවර අලු බඳුන තරඟාවලියේ පළමු තරඟයේ පස්වැනි දිනය අදයි.බර්මිංහැම් හි එජ්බැස්ටන් පිටියේදී පැවැත්වෙන තරඟය තවමත් ආරම්භ කිරීමට නොහැකිව තිබෙන්නේ පතිතවන වර්ෂාව හේතුවෙන්.

තරඟයේ පස්වැනි දිනයේදී ඔස්ට්‍රේලියානුවන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍ය කර තිබෙන ලකුණු සංඛ්‍යාව 174 ක්.තරඟයේ සිව්වැනි දිනය වූ ඊයේ දිනය සඳහා තරඟය නතර කරන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 107 ක්.

පළමු ඉනිමේ ශතක ලාභී උස්මාන් කවාජා ලකුණු 34 ක් රැස් කරමින් කඩුල්ලේ නොදැවී ක්‍රීඩා කරන අතර සැඳෑ ආරක්ෂකයා ලෙසින් පිටියට පිවිසි ස්කොට් බොලන්ඩ් නොදැවී ලකුණු 13 ක් රැස් කරගෙන සිටින්නේ තරඟයේ වැඩි වාසි ඔස්ට්‍රේලියානු පිලට නතු කර දෙමින්.

තරමක් දීර්ඝ පිතිකරණ ලැයිස්තුවකින් සමන්විත ඔස්ට්‍රේලියානු කණ්ඩායමට තරඟයේ සිව්වැනි දිනයේ තණතීරුව එතරම් අභියෝගාත්මක නොවුණු අතර තවමත් තණතීරුව ආවරණය කර තිබීම එංගලන්තයට වාසි දායක වීමට ඉහළ ඉඩකඩක් පවතින බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7