Cricket NewsEXCLUSIVE

ගල්ලට පිට පිට තෙවන පරාජයත් අත්කරදුන් දඹුල්ල Aura ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට !

LPL තරඟාවලියේ තීරණාත්මක තරඟ කිහිපයක් අරඹමින් අද කොළඹ ආර්ප්‍රේමදාස පිටියේදී Galle Titans හා Dambulla Aura කණ්ඩායම් අතර තරඟය පැවැත්වුණි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල නායක කුසල් මෙන්ඩිස් ගේ ආරධනය අනුව මුලින්ම පන්දුවට පහර දුන් Galle Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කලේ කඩුලු 8 ක් දැවී ලකුණු 133 ක් ලබාගනිමින්.ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක ලකුණු 36 ක් රැස් කරන්නට සමත් විය.පන්දු යැවීමේදී දඹුල්ල වෙනුවෙන් දුශාන් හේමන්ත කඩුලු දෙකක් බිඳ හෙලීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 134 ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල කණ්ඩායම පන්දුවාර 17 කුත් පන්දු 4 ක් අවසානයේදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගිය අතර කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් දියත් කල අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 70 ක් නොදැවී රැස් කලේ පන්දු 49 ක් තුලයි.

පන්දු යැවීමේදී Galle Titans වෙනුවෙන් ලහිරු කුමාර කඩුලු දෙකක් බිඳ හෙලීය.

මෙම ජයත් සමඟින් තරඟාවලියේ සිව්වැනි ජයග්‍රහණයද වාර්ථා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට දඹුල්ල Aura සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7