Cricket NewsEXCLUSIVEWoman Cricket

ලොව පළමු වරට පැවැත්වීමට සැළසුම් කළ ICC කාන්තා ශුරියන්ගේ කුසලානය තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට.!

2027 වසරේදී එනම් තවත් වසර 5කට පසුව පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන විස්සයි-20 ශූරියන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය වී තිඑබ්නවා. කෙසේ වුවත් ශ්‍රී ලංකාවට ඒ වෙනුවෙන් එක් කොන්දේසියකට යටත් ව්විමට සිදු වන අතර ඒ අනුව තරගාවලියේ සත්කාරකත්වය හිමි වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නේ නම් පමණි.

අදාල කාල වකවානුව තුළ කාන්තා ක්‍රිකට් ශේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින රටවල් 6ක සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත අතර 2027 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලිය තරග 16 කින් සමන්විතය.

මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායන නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය උදෙසා ශ්‍රී ලංකාව මනා දායකත්වයක් ලබා දෙන බවය. මෙම තරගාවලියේ සත්කාරකත්වය දැරීම තුළින් ශ්‍රි ලංකාවට අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා ක්‍රිකට් සංවර්ධන ගෝලීය ව්‍යාපෘතියේ කොටස්කරුවකු බවට පත්වීමට හැකිවනු ඇතැයිද එහිදී ඔහු පැවැසීය.

“මෙම තරගාවලියේ සත්කාරකත්වය දැරීම තුළින් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට රට තුළ, කළාපය තුළ මෙන්ම ඉන් ඔබ්බටද ගෝලිය වේදිකාවක් නිර්මාණය කිරීමට හැකි වේවි” යැයිද ඇෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙහිදී 2024 කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය බංග්ලාදේශයටද, 2026 කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය එංගලන්තයටද, 2025 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවටද ලබාදීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනටමත් සැළසුම් කර තිබේ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7