Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකාව සමග සීමිත ඕවර තරඟාවලියෙන් බංග්ලාදේශ හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ඉවත් කරයි.

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලි ද්විත්වය සඳහා එක්වන සත්කාරක බංග්ලාදේශ සංචිතවලින් හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ඉවත් කර තිබේ.

නව නායකත්වයට පත්වූ නජ්මුල් හොසේන් ෂැන්ටෝ යටතේ විස්සයි20 සහ එක්දින තරගාවලි සඳහා ක්‍රීඩකයන් 15 දෙනකු බැගින් නම් කර ඇත.

ඇසේ ආබාධය හේතුවෙන් ඔහු තරගාවලියෙන් ඉවත් කර ඇති අතර, කෙසේ වෙතත් පෙරේදා බීපීඑල් පිටියේ පැවති තරගයේ රංග්පූර් රයිඩර්ස් පිල වෙනුවෙන් පන්දු 31කින් ලකුණු 69ක් රැස් කිරීමට සමත් විය. ශකීබ්ට අමතරව අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි20 සංචිතයෙන් ක්‍රීඩකයන් 6 දෙනෙක් සහ එක්දින සංචිතයෙන් ක්‍රීඩකයන් තිදෙනෙක් ඉවත් කිරීමට තේරීම් කමිටුව කටයුතු කර තිබේ. මේ අතරට විස්සයි20 උපනායක මෙහෙදි හසන් මිරාස් ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.

විස්සයි20 සඳහා අනමුල් හක්, මොහොමඩ් නයිම්, තයිජුල් ඉස්ලාම්, තස්කින් අහමඩ්, ඇලිස් අල් ඉස්ලාම් සමඟ අත්දැකීම් බහුල ක්‍රීඩක මහමුදුල්ලා වසරකට ආසන්න කාලයකට පසු යළි එක් කර තිබේ. මේ අතුරින් 27 හැවිරිදි ඇලිස් තවමත් ජාත්‍යන්තර තරග වරම් හිමි කර ගෙන නැත.

මහමුදුල්ලා එක්දින සංචිතයට කැඳවා ඇති අතර, තයිජුල් ඉස්ලාම් සහ ටස්කින් අහමඩ් ද එක්ව සිටිති.

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය ලබන මස 4, 6 සහ 9 දිනවල සිල්හෙට්හිදී පැවැත්වෙන අතර, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 13, 15 සහ 18 වැනි දිනවල චැටෝග්‍රෑම්හිදී පැවැත්වේ.

දෙපිල අතර අවසන් එක්දින තරගය දිවා තරගයක් ලෙස පැවැත්වේ. මෙලෙස බංග්ලාදේශයේදී ජාත්‍යන්තර එක්දින තරගයක් එලෙස දහවල් තරගයක් ලෙස පැවැත්වෙන්නේ වසර 11කට පසුව වීම විශේෂත්වයකි. මේ තරගාවලි ද්විත්වයෙන් අනතුරුව දෙපිල අතර අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button