Cricket NewsEXCLUSIVELPL

“ජැෆ්නා පරාද කරන්න ලොකු රහසක් නෑ, ඒ වගේම අපි ඔවුන්ව අවතක්සේරු කරනෙත් නෑ” – Galle Gladiators නායක භානුක රාජපක්ෂ

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද Galle Gladiators කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම් අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි රාත්‍රී 7.30ට ඇති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය.

කෙසේ නමුත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මෙවර තරගාවලියේ තරග තුනකදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කළ ද පසුගිය තරග වාරයේ ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කිසිසේත් අවතක්සේරු කළ නොහැකි බව Galle Gladiators කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ පවසනවා.

මෙවර තරගාවලියේ දී Jaffna Kings කණ්ඩායම පරාජයට පත් කළ එකම කණ්ඩායම බවට පත්ව සිටින්නේ Galle Gladiators කණ්ඩායම වන අතර, මෙවර තරඟාවලියේ දී මෙම කණ්ඩායම් දෙක මුහුණට මුහුණ මුණ ගැසුන අවස්ථා තුනම ජයග්‍රාහිව අවසන් කිරීමට Galle Gladiators සමත් විය.

ඒ අනුව මෙවර තරඟාවලියේ සිව් වන වරටත් අද රාත්‍රියේ මෙම කණ්ඩායම් දෙක අවසන් මහා තරගයේ දී යළි එකිනෙකා මුණ ගැසීමට නියමිතයි.

“අපි හොද ක්‍රිකට් සෙල්ලම් කරා. අපි දැනගත්තා ජැෆ්නා කියන්නේ තරගාවලියේ ඉන්න හොදම කණ්ඩායමක්. අපියි ජැෆ්නයි තමයි හොදම කණ්ඩායම් දෙකට ඉන්නේ. ඉති අපි දැන ගත්තා දවස අනුව හොද දේවල් කරන එකත් එක්ක තරග ජයග්‍රහනය කරන එක ලේසියි කියලා.”යනුවෙන් භානුක රාජපක්ෂ එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ භානුක රාජපක්ෂ,

“අපි පළමුවෙන් පන්දුවට පහර දුන්න නිසා ලොකු ටෝටල් එකක් දාන්න පුලුවන් වුණා මැච් දෙකක. දෙවැනි මැච් එකේ අඩු ලකුණු ගානකට දැවී ගිහිල්ලත් පන්දු යවන්නන් දක්වපු දක්ෂතා නිසා දිනන්න ලේසි වුණා. ලොකු රහසක් නෑ. අපි හොද ක්‍රිකට් සෙල්ලම් කරා. ඒක තමයි ජයග්‍රහනය කරන්න එකම හේතුව.”

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද Galle Gladiators කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම් අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි රාත්‍රී 7.30ට ඇති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට මේ වන විටත් කටයුතු සුදානම් වෙමින් පවතිනවා.

භානුක සහබාගි වූ මාධ්‍ය හමුවේ සම්පුර්ණ වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button