Cricket NewsEXCLUSIVE

“ඔවුන් සාමූහිකව තීරණය කරමින් මාව් සංචිතයෙන් ඉවතට විසිකලා”- බංග්ලාදේශ සුපිරි පිතිකරු මුශ්ෆිකර් රහීම් එරට තේරීම් කමිටුවට විරෝධය පායි

බංග්ලාදේශ රූපවාහිනී නාලිකාවක් වන channal 24 සමඟින් පැවැති මාධ්‍ය සාකච්ඡාවකට බංග්ලාදේශ සුපිරි කඩුලු රකින පිතිකරු මුශ්ෆිකර් රහීම් එක්වෙමින් තමා පකිස්තානය සමඟ පැවත්වෙන තරඟාවලියෙන් ඔහුව ඉවත් කර තිබීම පිළිබඳව විවේචනය කලේය .

එහිදී අදහස් දක්වමින් මුශ්ෆිකර් කියා සිටියේ “මම ඉන්නවද කියලා මගෙන් ඇහුවා, ඒකට මම කිව්වා අනිවාර්යයෙන්ම මම ඉන්නවා කියලා. ඒත් මට කිව්වා තේරීම් කමිටුව, කණ්ඩායම් කළමනාකාරීත්වය, ප්‍රධාන පුහුණුකරු සහ කණ්ඩායම් අධ්‍යක්ෂ මාව ඉවත් කරන්න සාමූහික තීරණයක් ගත්තා කියලා.”

මුෂ්ෆිකර් ඔහුට විවේකයක් අවශ්‍ය නැති බවක් කණ්ඩායම් කලමණාකාරීත්වයට පවසා තිබූ මුත් ඔවුන් තමාව ඉවත් කිරීම පිලිබඳව තමන් දැඩි ලෙස කනස්සල්ලට පත්වූ බව ඔහු එහිදී කියා සිටියේය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7