Cricket NewsEXCLUSIVEInternational

එක් ඉනිමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් අලුතින් ලියන්නට දිමුත් අද සමත් වෙයි, පළමු දිනයේ වැඩි ගෞරවය ශ්‍රි ලංකාවට

Sri Lanka vs Bangladesh, 1st Test, Kandy - Dimuth Karunaratne thrives on game of patienceසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවන විට පළමු දිනයේ සියලුම ගෞරවය ලබාගන්නට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය .

නායක දිමුත් කරුණාරත්නගේ පිත්තෙන් සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්ථා විය . මෙවර 2021-2023 ටෙස්ට් ලෝක ශූරතාවලියේ පළමු ශතකයද දිමුත් කරුණාරත්නගේ පිත්තෙන් වාර්ථා වූ අතර පළමු දිනය නිමාවන විට නොදැවී ලකුණු 132 ක් ලබා ඔහු කඩුල්ලේ රැඳී සිටියි .

පිට පිට ඉනිම් 5 කදී ලකුණු 50+ වැඩියෙන් රැස් කරන්නට දිමුත් සිය අවසන් තරඟ කිහිපයේදී සමත් විය . නායකයෙකු ලෙස ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශතක දෙකක් ලබාගත් ප්‍රථම පිතිකරුවා වන්නට දිමුත් කරුණාරත්න සමත් වූ අතර ඒ 2019 වසරේ නවසීලන්තයට හා 2021 වසරේදී කොදෙව්වන්ට එරෙහිව අද තරඟයේදී වාර්ථා කල ශතකයත් සමඟිනි .

එක් දිනදර්ශන වසරක් තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකයෙකු ලෙස වැඩිම ශතක ප්‍රමාණයක් ලබාගෙන ඇති ක්‍රීඩක ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වීමට අද දිමුත් කරුණාරත්නට හැකිවූ අතර ඒ හිටපු නායක මාවන් අතපත්තු අභිබවා යමිනි . නායකයෙකු ලෙස දිමුත් මේ වසරේදී ශතක 4ක් රැස් කරන්නට සමත් ව ඇත . එහි පලමු ස්ථානයේ මහේල ජයවර්ධන ශතක 5ක් (2007 වර්ෂයේ) ලබාගනිමින් රැඳී සිටියි .

• මහේල ජයවර්ධන – ශතක 5යි (ඉනිම් 11) – 2007
• දිමුත් කරුණාරත්න* – ශතක 4යි (ඉනිම් 10) – 2021
• මාවන් අතපත්තු – ශතක 3යි (14) – 2004
• මහේල ජයවර්ධන – ශතක 3යි (20) – 2006

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩිම ලකුණු රැස්කරගෙන ඇති ක්‍රීඩකයින් අතර 5 වන ස්ථානයට පැමිණීමට දිමුත් කරුණාරත්නට හැකි වූ අතර ගාල්ල ක්‍රීඩාංගණයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ඉනිම් 37කදී ලකුණු 2382ක් ලබාගෙන ඇති මහේල ජයවර්ධන ය .

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ තුලදී ආරම්භක පිතිකරුවෙකු ලෙස වැඩිම ශතක ගණනක් රැස් කල පිතිකරුවන් අතර දෙවැනි තැන දිනාගැනීමට නායක දිමුත් අද සමත් විය ඒ ශතක 13 ක් ලබා සිටි සනත් ජයසූරිය හා සමවෙමිනි . එම ලැයිස්තුවේ පෙරෙමුණේ පසුවන්නේ මාවන් අතපත්තුය (16).

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු 50 ට වැඩි අවස්ථා වාර්ථා කල ටෙස්ට් ආරම්භක පිතිකරුවා වන්නට ද දිමුත් අද සමත් විය ඒ ලකුණු 50 ට වැඩි අවස්ථා 38 ක් ලබාසිටි සනත් ජයසූරිය අභිබවා යමිනි . දිමුත් ආරම්භක පිතිකරුවකු ලෙස තම ටෙස්ට් දිවියේ 39 වැනි වරට ලකුණු 50 සීමාව ඉක්මවා ගියේය .

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව නායකයෙකු ලෙසින් ශතකයක් රැස් කල ප්‍රතම ශ්‍රී ලාංකික ආරම්භක පිතිකරුවා වන්නටද දිමුත් අද සමත් විය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7